බලශක්ති සංරක්ෂණයට කැපවෙමු
පාසල් සිසුහු ලක්ෂ 40ක් ප්‍රතිඥා දෙති
සුභාෂිනි සේනානායක
පාසල් සිසුහු ලක්ෂ 40 ක් බලශක්ති සංරක්ෂණයට කැපවෙන බවට ඊයේ (26) ප්‍රතිඥා දුන්හ.
‘හෙට වෙනුවෙන් අද’ විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය හේතුවෙන් දිනකට මෙගාවොට් 350 ක විදුලියක් ඉතිරි කරගත හැකි බව කොළඹ ආනන්ද විදුහලේ ඊයේ (26) පැවැති ජාතික උත්සවයට එක්වූ විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. දරුවන්ගේ කැපවීම මත ලෝක බලශක්ති අර්බුදයට මුහුණ දීමට මෙමඟින් හැකිවන බව පවසන විදුලිබල අමාත්‍යවරයා හෙට රට භාරගැනීමට සිටින දරුවන්ගේ කැපවීම මේ සඳහා බලාපොරොත්තු වන බව ද කීය.
විදුලිය විශාල ලෙස භාවිතා කෙරෙන සවස 6.30 සිට රාත්‍රී 9.30 දක්වා එක් විදුලි බුබුලක් නිවාදැමීමෙන්, ශීතකරණය විදුලිය විසන්ධි කිරීමෙන්, ඇඳුම් මැදීම එම කාලය තුළ සිදු නොකර සිටීමෙන් වසරකට රුපියල් මිලියන 200 ක් ඉතිරි කර ගත හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
බලශක්ති සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් ලොව පුරා උද්ගත වී තිබෙන බව කී පාඨලී චම්පික රණවක මහතා වසරකට තෙල් බැරල් මිලියන 34 ක් අවශ්‍ය වන බවත්, තෙල් සංචිත පවතින්නේ ද බැරල් මිලියන 1200 ක් වන බැවින් එය වසර 34 කට පමණක් ප්‍රමාණවත් වන බවත් පැවසීය.
මේ නිසා අප මුහුණපා තිබෙන බරපතළ ගැටලුවෙන් ගැළවීම හෙට රට භාරගැනීමට සිටින දරුවන්ගේ වගකීමක් වන බැවින් විදුලි බලය සුරක්ෂිත කිරීම සඳහා දායක වීමෙන් රට සුරකින දරුවකු වීමේ අභිමානය විඳීමට ක්‍රියා කරන මෙන් ද දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති හෙට වෙනුවෙන් අද බලශක්ති සංරක්ෂණ පාසල් ප්‍රතිඥාව දීමේ උත්සවයට එක්වෙමිනි.
රට පුරා සියලු පාසල්වල ලක්ෂ 40 කට අධික සිසු සිසුවියන් මෙම ප්‍රතිඥාව ඊයේ (26) ලබා දුන් අතර ජාතික උත්සවය ඊයේ (26) කොළඹ ආනන්ද විදුහලේ දී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට කොළඹ අවට සියලු පාසල්වල සිසු සිසුවියන්, ආනන්ද විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහත්වරු ඇතුළු විදුහල්පතිවරුන් එක්වූ අතර මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ලබා දී තිබුණි.
http://www.dinamina.lk/2012/03/27/_art.asp?fn=n1203273
බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් උදෙසා වැඩසටහන දියත් කෙරේ
හෙට මේ ලෝකය ඔබෙයි. ඒ නිසා එය රැක ගැනීමට අද ක්‍රියාත්මක විය යුතුයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
“හෙට වෙනුවෙන් අද” විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරයේ පාසල් වැඩසටහන “බලශක්ති සංරක්ෂණයට කැපවන මතු පරපුරක් උදෙසා” යන තේමාව යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ඊයේ (26) දියත් කෙරිණි. එහි ජාතික උත්සවය ඊයේ (26) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති අතර, පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසකට ආසන්න පිරිස අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
මෙහිදී බලශක්ති සංරක්ෂණ ශිෂ්‍ය ප්‍රතිඥාව ලබාදුන් අතර, මෙම වැඩසටහනට සමගාමීව ඊයේ උදෑසන 8.15ට දිවයිනේ සියලුම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලක්ෂ හතක් ද බලශක්ති සංරක්ෂණයට කැපවෙන බවට ප්‍රතිඥා ලබාදුන්හ.
බලශක්ති සංරක්ෂණ ප්‍රතිඥාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම ඊයේ (26) සිට මාස 6ක කාලයක් දිවයිනේ සියලුම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සෑම සතියකටම සඳුදා දින උදෑසන රැස්වීම් අවස්ථාවේ ලබාදෙන ලෙසට වන චක්රලේකයක්ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇත.
බලශක්ති සංරක්ෂණ ප්‍රතිඥාව
මේ මාගේ දේශයයි, මාගේ දේශයේ මතු අනාගතය වෙනුවෙන් එහි සම්පත් වන පරිසරය සුරැකීම මාගේ යුතුකමයි. හෙට වෙනුවෙන් අද මම ඒ සඳහා කැපවෙමි. දිනපතා සවස 6.30ත් රාත්‍රී 9.30ත් අතර, කාලයේ මාගේ නිවසේ දැල්වෙන එක විදුලි බුබුලක් හෝ නිවා දමන බවටත් ඇඳුම් මැදීම එම කාලය මගහැර සිදුකරන බවටත් සැමවිටම සැමතැන විදුලිය කාර්යක්ෂමව භාවිතා කරන බවටත් හෙට වෙනුවෙන් අද මම කැපවෙමි.
මෙහිදී වැඩිදුරටත් පැමිණ සිටි පාසල් සිසුන් අමතා කතා කළ විදුලි බල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතා,
හතළිස් හය ලක්ෂයක් වන ගෘහස්ථ පරිභෝගිකයන්ගේ දරුවන් වශයෙන් ඔබගේ යුතුකම තමයි ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් රට සහ රටේ ජනතාව වෙනුවෙන් මේ ලෝකය හා එහි ජීවීන් වෙනුවෙන් සවස 6.30ත් 9.30ත් අතර, කාලය තුළ එක් වොට් 60ක බල්බයවත් නිවා දැමීමෙන් මෙම බලශක්ති සංරක්ෂණ ශිෂ්‍ය ප්‍රතිඥාව ක්‍රියාවට නැංවීම.
එමගින් ඔබගේ දෙමාපියන්ට විශාල මුදල් ඉතිරියක් මෙන්ම රටට බලශක්ති ඉතිරියක් ද වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජාතික පාසල් 340ක විදුලි බිල අඩුකරලා පෙන්වන පාසල් සිසුන් තෝරාගෙන ජාතික හා පාසල් මට්ටමින් ත්‍යාග පිරිනමන්න.
අපිට ඉගෙන ගන්න විදුලි බලය තිබුණේ නැහැ. නමුත් ඔබලාට එහෙම නැහැ. නමුත් මේ ආකාරයට දිගටම ක්‍රියාකරගෙන ගියොත් ඔබලා අපගේ වයසට එන විට මේ ලෝකේ තෙල් සම්පත ඉවරයි.
එම නිසා මේ ලෝකයේ සහ ජීවියාගේ පැවැත්ම උදෙසා විදුලි සංරක්ෂණයට දායක වෙන්න කියලා මම මේ සියලු පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ආනන්දයට වසර 125ක් පිරෙන මේ මොහොතේ මෙම ජාතික සත්කාරය පැවැත්වීමට එය ලබාදීම පිළිබඳව මාගේ ස්තූතිය පිරිනමනවා.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2572:ldkjkjeke&catid=82:us-politics&Itemid=457
Four million schoolchildren in energy saving drive
Sandasen MARASINGHE
How to save
* Turn off fridges between 6.30pm and 9.30pm
* Don’t iron clothes between 6.30pm and 9.30pm
Four million schoolchildren pledged yesterday to uphold their responsibility in saving electricity to face the looming energy crisis which will intensify during the next three decades.
All students in schools took an oath at 8.15am yesterday at their schools towards this end in a programme launched jointly by the Power and Energy Ministry and the Education Ministry.
The students pledged their commitment to save energy resources and protect the environment in the motherland. They also vowed that to save energy for the future, they would turn off at least one extra bulb at homes between 6.30pm and 9.30pm and attend to ironing their clothes avoiding these hours.
The main ceremony of ‘Today for Tomorrow’, the school programme to save electricity was held at Ananda College, Colombo at 8 am with the participation of Power and Energy Minister Patali Champika Ranawaka and Education Minister Bandula Gunawardena.
One thousand school students who took part in the ceremony vowed to save electricity.
Parallel to the national ceremony, students of all schools in the country took vows at their own schools at 8.15am in all three languages. The students would take the same vow at their schools every Monday morning during assembly for six months. The Education Ministry has already issued a circular in this regard.
Minister Patali Champika Ranawaka said that oil deposits on earth would last only for another 30 years.
“Thereafter, people would have to live in a world deprived of energy. Due to the burning of the fuel, the environment gets polluted and 25 percent of animal species, including man would be extinct. Therefore, students have a pivotal role to play in saving energy and protecting the environment,” the minister said.
He added that the elder generation should guide children towards this end.
Minister Bandula Gunawardena said that four percent of the country’s income is spent on power and energy.
He said that resorting to simple practices like turning off the fridge between 6.30pm and 9.30pm and avoiding ironing during these three hours would same a massive amount of money in the region of Rs 20 billion a year.
http://www.dailynews.lk/2012/03/27/news04.asp
Ranawaka depends on students to save natural resources
By Ifham Nizam
Power and Energy Minister Patali Champika Ranawaka yesterday said that it was the prime duty of everyone to save natural resources for the future generation and school children were the best suited for the task.
He said that fossil fuels were depleting at a very fast rate after reaching its peak, it was the paramount duty of everyone to conserve energy resources for a better tomorrow.
Ranawaka strongly believes that the school brigade would do a better job in conserving energy for future.
The Power and Energy Ministry and the Education Ministry yesterday launched 'Today for a better Tomorrow', a programme to preserve power and energy for schools, at Ananda College Colombo.
More than 1,000 school children took oaths yesterday pledging to preserve energy for a better tomorrow.
The Power and Energy Ministry yesterday said that this was the first phase of educating students on the value of energy in the years to come.
The programme kick started under the guidance of Power and Energy Minister Patali Champika Ranawaka and Education Minister Bandula Gunawardena.
Students will have to meet every Monday for six months to keep with their oath, according to Ministry sources.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=48398
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment