Sunday, March 25, 2012

පාන්දර ජාමයේ අලි ආක්‍රමණයක්‌

(අලි කඩුල්ලේ රොටි සාදයේ ඉතිරිය.....)

පොල් රොටිවලට කලවම් කර තිබෙන රතු ළුණු, කපුටු කොච්චි, කරපිංචා පිච්චෙන විට එයින් නික්‌මෙන පුසුඹ නැහැපුඬු අතරින් ඇතුළු වී මගේ කුසේ නොතිබූ කුසගින්නක්‌ ද ඇති කළේය. දැන් දැන් මට නම් රොටියක රස බලනකම් ඉවසුමක්‌ නැත. ඒ තරමටම රොටිවලට කෑදරකමක්‌ ඇති විය. තව ටිකක්‌ රොටි ඔහේ පිච්චුනාවේ. අපේ කතාවේ ප්‍රධාන මාතෘකාව නැවත සාකච්ඡාවට ගැනීමට මට සිතිණි.

"රන් බණ්‌ඩා මාමේ... දැන් මෙතැනට අලියෙක්‌ ආවොත් මොකද වෙන්නෙ."

මොනව වෙන්නද මහත්තයෝ.. එන අලියෙක්‌ ආයිත් කැලේටම පන්නනවා මිසක්‌. අලියා කොච්චර සද්දන්තයා වුණත් මිනිස්‌සුන්ට බයයි. අලියා මිනිස්‌සුන්ට ගහන්නෙත් උගේ බය වැඩිකමට. අලියා හිතන්නෙ ඌට මිනිහාගෙන් හානියක්‌ වෙයි කියලයි. ඒකයි අලි පහර දෙන්නෙ. අලියෙක්‌ නිකම්ම ගහන්නෙත් නැහැ මහත්තයෝ. අලියෙක්‌ ගහන්නත් ලොකු පවක්‌ කරලා තියෙන්න ඕනා..." රන් බණ්‌ඩා මාමා අලි සමඟම ගැටී අලින්ගේ ගති පැවතුම් හොඳින්ම දන්නා සේය. රන් බණ්‌ඩා මාමාගේ කතාවට මම බාධා කළෙමි.



Read full story: http://www.divaina.com/2012/03/25/feature06.html

No comments:

Post a Comment