Friday, March 23, 2012

ගණේමුල්ල සමාජ- පරිසර විරෝධී ක්‍රියාවල නිරතවූවන්ගෙන් රජයට ලක්‍ෂ දෙකක ආදායමක්

නිට්ටඹුව සමූහ - ජෙනට් ජයසිංහ

ඉකුත් වසරේ දී ගණේමුල්ල පොලිස් පරිසර ඒකකය විසින් සමාජයට සහ අවට පරිසරයට අහිතකර අන්දමින් විවිධ ක්‍රියාවන්හි නියැළුණු පුද්ගලයන් අධිකරණය හමුවට පමුණුවා දඩ මුදල් වශයෙන් රුපියල් දෙලක්‍ෂ දහතුන් දහස් පන්සීයක මුදලක් රජයට ලබා දී ඇති බව ගණේමුල්ල පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජේ. ඒ. එස්. කේ. ජයකොඩි මහතා පැවැසීය.

අදාළ පරිසර ඒකකය මගින් වරින් වර ලබාදෙන ලද උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකර පරිසරය අපවිත්‍රවන අන්දමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම, පදිංචි නිවෙස අවට පරිසරය පිරිසුදුව තබා නොගැනීම, අපවිත්‍ර ජලය ප්‍රධාන මාර්ගවලට මුදා හැරීම වැනි චෝදනා ලැබු පුද්ගලයන් 126 දෙනෙක් අධිකරණය හමුවට පැමිණවීමෙන් මෙම දඩ මුදල් ප්‍රමාණය ලබාගත හැකි වූ බව පරිසර ඒකකයේ ස්ථානාධිපති ජයකොඩි මහතා වැඩිදුරටත් පැවැසීය.

ගණේමුල්ල පොලිස් ස්්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දමින්ද සෝමජිත් මහතාගේ උපදෙස් මත පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජේ. ඒ. එස්. කේ. ජයකොඩි, පොලිස් කොස්තාපල්වරුන් වන කේ. අයි. නිලංග, කේ. ඊ. ආරියරත්න, කාන්තා සිවිල් ආරක්‍ෂක නිලධාරිනී සුරේඛා ප්‍රනාන්දු ඇතුළු නිලධාරී කණ්ඩායම මෙම වැටලීම් සිදුකර ඇත.


http://www.dinamina.lk/2012/03/23/_art.asp?fn=r1203232

No comments:

Post a Comment