Friday, March 23, 2012

බියගම 13 කණුව අසල ඇළ මාර්ගයට අප ජලය දැමීම තහනම්

බියගම විශේෂ – රංජිත් අම්පිටියාවත්ත

බියගම සියඹලාපේ හන්දියේ සිට කොළඹ මාර්ගයේ 13 කණුව අසල ඇළ මාර්ගයට අපද්‍රව්‍ය නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි බියගම වෙළෙඳ කලාප අධ්‍යක්ෂ එච්. කේ. ඩී. ලෝරන්ස් මහතා පැවැසීය.

එම ඇළ මාර්ගයට අපජලය බැහැර කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවත් වරින්වර එම ජලය රසායනාගාර පරීක්ෂාවට ලක්කර සුදුසු තත්ත්වයේ පවතින්නේ දැයි විමසිළිමත්ව සිටින බවත් වර්තමානයේ ජලයේ කිසිදු රසායනික අපද්‍රව්‍යයක්, ඇළට මුදා හැරීමක් සිදු නොවන බවත් මහජන පැමිණිළි ගැන නිරන්තරව විමසිල්ලෙන් සිටින බවත් පැවැසීය.

http://www.dinamina.lk/2012/03/23/_art.asp?fn=r1203233

No comments:

Post a Comment