Tuesday, March 27, 2012

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සෞදියෙන් රු. ලක්‍ෂ 25ක් වන්දි

මහින්ද අලුත්ගෙදර

වැටුප් හා අනෙකුත් දීමනා කිසිවක් නොගෙවා වසර 17 ක පමණ කාලයක් සෞදි අරාබියාවේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙනුවෙන් සෞදි අරාබියානු රියාල් 72000 (රුපියල් ලක්ෂ 25) ගෙවීමට එරට රජය තීරණය කර ඇත.

පසුගිය 1994 වසරේදී ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවට ගිය කලුතර ප්‍රදේශයේ පදිංචි කුසුමා නන්දනී (57) නැමැති කාන්තාවක් වෙනුවෙන් මෙලෙස වන්දි ගෙවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වසර 17 ක කාලයක් රඳවාගෙන සිටි මෙම කාන්තාව සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව එම කාර්යාංශයේ මැදිහත්වීම මත සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සහයෝගය ඇතිව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වූ බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

මේ සඳහා සෞදි අරාබි රජයේ සහයෝගය ද ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම ශ්‍රී ලාංකික කාන්තාව රියාද් නගරයේ නිවෙසක සේවය කර තිබෙන අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අදාළ වසර 17 වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වැටුප් වශයෙන් හිමි විය යුතුව තිබේ.

සෞදි අරාබියාවේ ගතකළ කාලය තුළදී මේ ශ්‍රී ලාංකික කාන්තාවට ඇයගේ පවුලේ ඥාතීන් සමඟද සබඳතා පවත්වා ගැනීමට අවස්ථාව ලබා දී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


http://www.dinamina.lk/2012/03/27/_art.asp?fn=n1203275

No comments:

Post a Comment