Saturday, March 24, 2012

ඉරානයේ දොර වැසෙන නිසා ශ්‍රී ලංකා-ඕමාන් තෙල් ගිවිසුමක්‌

ශිරාන් රණසිංහ

ඉරානයෙන් මෙරටට ඉන්ධන ලබා ගැනීමට බාධක එල්ලවීමත් සමගම ඕමාන් රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව, ඕමාන් තෙල් සමාගම අතර පෙරේදා (22 වැනිදා) කොළඹදී ගිවිසුමක්‌ අත්සන් කර ඇත.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගිය කාලයේ ඕමාන් රාජ්‍ය ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ගිවිසුමට අත්සන් කර ඇත.

ඇමරිකාව, ඉරානයට එරෙහිව පැන වූ සම්බාධක වලින් පසුව මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා විකල්ප රටවල් කෙරෙහි යොමුවීමට සිදු විණි. ඕමාන් තෙල් සමාගම සමඟ එළැඹි ගිවිසුමෙන් පසුව මෙරටට එරටින් බොරතෙල් හා පිsරිපහදු ඉන්ධන ගෙන ඒමට හැකිවනු ඇති බව ඛනිජ තෙල් සංස්‌ථාව පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සභාපති දයානන්ද විදානගමාච්චි මහතා හා ඕමාන් ඔයිල් සමාගමෙහි සභාපති නසාර් අල් ජෂ්මි මහතා ගිවිසුමට අත්සන් කළහ.

මෙම ගිවිසුමට අමතරව මෙරට ආයෝජනය කිරීම සඳහා එරට ව්‍යාපාරිකයන්ට අවස්‌ථාව ලබාදීම පිළිබඳවද සාකච්ඡා සිදුව ඇත.

ඕමාන් තෙල් සමාගමෙහි නියෝජිත පිරිස පසුගිය 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ.


http://www.divaina.com/2012/03/24/news09.html

No comments:

Post a Comment