Wednesday, March 28, 2012

කොළඹ නගරයේ හෝටල් සේවකයන් අතර උණ සන්නිපාත විෂ බීජ දාරකයෝ

ජීවනී පතිරණ

කොළඹ නගරයේ ඇතැම් හෝටල් සේවකයන් උණසන්නිපාත විෂබීජ දාරකයන් බව කොළඹ මහ නගර සභා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකදී හඳුනාගෙන තිබේ.

මේ නිසා මාර්තු 31 වැනි දිනට පෙර වෙළෙඳ බලපත්‍ර ලබා දීමේ කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ. හෝටල්වල ජලය පමණක් නොව ආහාරද ඉතා අපිරිසුදු තත්ත්වයේ පවතින බව රසායනාගාර පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති අතර, ප්‍රධාන පෙළේ හෝටල් ද ඒ අතර ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

තවමත් බොහෝ ස්ථානවල නළ ළිං භාවිතා කිරීම සිදු වන බව පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව ජල බිල්පත් ඉතා අවම මට්ටමක පැවතීමෙන් එය අනුමාන කළ හැකි යැයිද සඳහන් කරයි.

ආහාරවල හා ජලයේ පිරිසුදු භාවය පිළිබඳ තහවුරු කරගන්නා තුරු වෙළෙඳ බලපත්‍රය නිකුත් නොකරන බව අවධාරණය කරන ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රධාන නළ මාර්ගයෙන් ජලය ලබාගැනීමට උපදෙස් ලබා දී තිබියදීත් එය ක්‍රියාත්මක නොකරන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද පැවසීය. විශේෂයෙන් සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබා දීම අත්‍යවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.


http://www.dinamina.lk/2012/03/28/_art.asp?fn=n12032812

No comments:

Post a Comment