Saturday, March 31, 2012

රත්නපුරයෙන් ලෝකාන්තයට නව මාර්ගයක්

නිවිතිගල සමූහ - කුමාරසිරි විල්වලආරච්චි

රත්නපුර ප්‍රදේශයේ සිට ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට පහසුවෙන් පිවිසීම සඳහා මාර්ගයක් තැනීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. කි.මී. 09 ක් දුර මේ මාර්ගය මගින් බෙලිහුල්ඔය නන්පේරියල් හරහා ලෝකාන්තයට පිවිසිය හැක.

නන්පේරියල් වතු අධිකාරිවරයාගේ කැමැත්ත මේ සඳහා ලැබී ඇති අතර රුපියල් මිලියන 06 ක වියදමින් මාර්ගය පිළිසකර කෙරේ. කි.මී. 03ක දුරක් පාගමනින් යා හැකි පරිදි වනජීවී හා වන සංරක්ෂණ ආයතන වලට අයත් පරිසරයට හානි නොවන පරිදි මාර්ගය පිළිසකර කරන බව පළාත් සංචාරක ඇමැති කුමාර රාහුබද්ධ මහතා ප්‍රකාශ කෙළේ ය.

බෙලිහුල්ඔය සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ වැඩසටහනට අනුබද්ධව මෙය ක්‍රියාත්මක කරයි. දකුණු හා සබරගමු කලාප භාර නියෝජ්‍ය වන සංරක්ෂක ලාල් අබේගුණසේකර අමාත්‍යාංශ ලේකම් දේවපි‍්‍රය විජේරාජ, විෂයභාර නිලධාරි නිශාන්ත සමරතුංග, දියඇළි සභාපති අසිත ඉන්දික වීරවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.


http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n1203314

No comments:

Post a Comment