Sunday, March 25, 2012

දෙවරක් ‘ෂෝට්’ නම් හැමදාම “ඕෆ්”

තාරක වික්‍රමසේකර

මේ වසරේ සිට අවස්ථා දෙකකදී විදුලිය වංචා කර හසුවන පුද්ගලයන්ට යළි විදුලිය සබඳතා ලබා නොදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිය වංචා කරන්නවුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරන බවත් පසුගිය මාසයේ (පෙබරවාරි) විදුලි හොරුන් 290 දෙනකු අත්අඩංගුවට ගත් බවත් අමාත්‍යාංශය පවසයි. ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 177 ක් (17794706.10) දඩ මුදල් ලෙස අයකරගෙන ඇත. එයින් උසාවි දඩ ලෙසින් රුපියල් 3198500.00 ක්ද මණ්ඩලයේ අලාභ ලෙසින් 14596206.10 ක්ද අය කරගෙන ඇත. විදුලිය වංචා 290 න් 165 ක් මීටර් වංචා ලෙස ද 125 ක් වංචාකාරී ලෙස (කොකු දමා) විදුලිය ලබා ගැනීම් ද වාර්තා වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.


http://www.silumina.lk/2012/03/25/_art.asp?fn=aa1203257

No comments:

Post a Comment