පසුගිය දා එනම් පෙබරවාරි 25 වැනි දින පැය 10.45ට මෙරටින් පිට වීමට සිටි විදේශික සංචාරකයන් පිරිසක් එදින ම උදෑසන පුත්තලම සංචාරක හෝටලයක නැවතී සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු කළ පරීක්ෂණවල දී මෙරට වටිනා සත්ත්ව හා ශාක කොටස් රැසක් ඔවුන් සතු ව තිබී සොයා ගැනීමට හැකි විය. මේ සම්බන්ධව, වන සත්ත්ව අඩවි ආරක්ෂක (නීති අංශය) ඩී. එම්. වීරසිංහ මහතා දැක්වූ අදහස්වලට අනුව මේ විදේශීය සංචාරක කණ්ඩායමට බෙල්ජියම් ජාතිකයක් දෙදෙනෙක්, වෙනිසියුලා ජාතිකයෙක්, ජර්මන් ජාතිකයන් දෙදෙනෙක් හා ඔස්ටේ්රලියානු ජාතිකයෙක් අයත් වෙති. ශ්‍රී ලංකාවට මොවුන් 2012 පෙබරවාරි 9 වැනි දින පෙ.ව. 4.45ට පැමිණ ඇති අතර එදින ම ඔවුන් කුඩව ප්‍රදේශයෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වී ඇත. එතැනින් නො නැවතුණු ඔවුන් පෙබරවාරි 25 වැනි දින තෙක් සූරියකන්ද, හෝටන්තැන්න, නකල්ස්, සීගිරිය, විල්පත්තුව සහ කල්පිටිය යනාදී පරිසර සංවේදී ප්‍රදේශවල සංචාරය කර ඇති බැව් අනාවරණය විය.
"අපිට ආරංචිය ලැබුණු විගස ම සූක්ෂ්ම අන්දමින් වැටලීම් ඔවුන්ට නො දැනෙන ලෙස ආරම්භ කළා. පෙබරවාරි 25 වන දින හිමිදිරි පාන්දර කල්පිටියේ ඔවුන් නැවතී සිටි හෝටලයට ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. අපේ කණ්ඩායමට නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මහත්මයත්, හදිසි වැටලීම් අංශයේ ස්ථානාධිපති ආර්. ඒ. ඩී. ඩී. සමරනායක, වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්. එන් ප්‍රේමසිරි, වනසත්ත්ව නියාමක ජී. ආර් රත්නායක, ඩී. යූ. අයි. විඡේරත්න, එස්. ඩබ්ලිව්. එන් සේනාධීර යන මහත්වරු කණ්ඩායමට අයත් වුණා." යනුවෙන් ඩී. එම්. වීරසිංහ මහතා මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූයේ ය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පරීක්ෂාවේ දී තාරකා ඉබ්බකු ගේ ගුද මාර්ග DNA කොටස් ඇතුළත් මළ නියෑදියක්, මුඛ මාර්ග DNA කොටස් ඇතුළත් කෙළ (ඛේඨ) නියෑදියක්, ආරක්ෂිත උභයජීවියකු වන Polypadetes maculatus යන විද්‍යාත්මක නමින් හඳුන්වන පුල්ලිමැඩියෙක්, Ramanella varigata යන විද්‍යාත්මක නමින් හඳුන්වන සුදු මොට හොඹු මැඩියන්, සිංහරාජයෙන් ගලවා ඉවත් කරගත් Kendrickia walker සහ Ficus diver siformis, Piper sp , Calymmodon glabresca, Ctenopteris repadula,Plagiomniun sp. Hypopterygiunsp. යන විද්‍යාත්මක නමින් හඳුන්වන ආරක්ෂිත ශාක විශේෂ රැසක්, ගෙවල් ගෙම්බකු, Callouts vercicolor යන විද්‍යාත්මක නමින් හඳුන්වන ගෙවල් හූනකු, ජාන විශ්ලේෂණය සඳහා තාරකා ඉබ්බකු සහ නීති විරෝධී ලෙස උභය ජීවීන් අල්ලා ගැනීමට භාවිත කරන උල් සහිත උපකරණයක්, ජීවීන් අල්ලා ගැනීමට භාවිත කරන ලද කොකු සහිත උපකරණ යනාදිය හඳුනා ගැනීමට හැකි වී ඇත. මේ සියලු දෙයට අමතරව මුහුදු වැලි සහිත පාර්සල් දෙකක්, සතුන් දැමීමට ගන්නා බහාලුමක් මෙන්ම දත්ත ගබඩා කරන 16GB මෙමරි කාඩ්පතක් මේ විදෙස් ජාවාරම්කරුවන් ළඟ තිබිය දී සොයා ගැනීමට හැකි විය. මේ පිරිස හා ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් පසු පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නඩු භාණ්ඩ රාජසන්තක කර රුපියල් 435000ක දඩයක් ගෙවා පිරිසට වහා ම රටින් පිට වීමට නියෝග කරන ලදි.

මේ පිරිස මෙරටට පැමිණ ඇත්තේ Singharaja Expedition නම් ශ්‍රී ලංකාවේ ජාන මංකොල්ලයට උඩගෙඩි දෙන ප්‍රවර්ධන වැඩසටහනක් හා සම්බන්ධ ව ය. මෙහි ඇති අනෙක් කණගාටුදායක තත්ත්වය වන්නේ Singharaja Expedition නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සකස් කළ බහාලුම් මේ මංකොල්ලකරුවන් විසින් භාවිත කර තිබීම හා එහි බුදුරජාණන් වහන්සේ ගේ රුව ලාංඡනයක් ලෙස භාවිත කර තිබීම ය. සංචාරක කර්මාන්තය තුළින් සාර්ථක ආර්ථික ප්රවර්ධනයක් ඇති කිරීමට වෙර දරන මෙරට පාලකයන් පාරිසරික සංචාරක ව්‍යාපාරය මුවාවෙන් මෙරටට පැමිණෙන ජාන මංකොල්ලකරුවන් පිළිබඳව සෙවීමක් නො කරන්නේ ඇයි ද යන්න පිළිබඳව විමසිය යුතු ව ඇත.
අමල් උඩවත්ත
http://www.vidusara.com/2012/03/21/feature4.html
අමල් උඩවත්ත
http://www.vidusara.com/2012/03/21/feature4.html
No comments:
Post a Comment