Thursday, March 29, 2012

මිහිකත හෝරාව සැමරීමේ ජාතික උත්සවය අනිද්දා මහනුවර ජනපති මැදුරේදී

ලසිත දුමින්ද

මිහිකත හෝරාව සැමරීමේ ජාතික උත්සවය අනිද්දා (30 වැනිදා) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර 2012 මිහිකත හෝරාව සැමරීමේ උත්සවයට සම්බන්ධ වන ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මිහිකත බේරා ගැනීමේ ජාත්‍යන්තර මෙහෙයුමේ 15 වැනි රාජ්‍ය නායකයා බවට පත්වන බව බස්‌නාහිර පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

"ඔබ කැපවේ නම් මමද කැපවෙමි" යන තේමාව ඔස්‌සේ පැවැත්වෙන මිහිකත හෝරාව සැමරීමේ උත්සවය 30 වැනිදා රාත්‍රි 8.30 සිට 9.30 දක්‌වා පැවැත්වේ.

මහනුවර පැවැත්වෙන මෙම ජාතික උත්සවයට අගමැති දි. මු. ජයරත්න මහතාද කැබිනට්‌ අමාත්‍යවරු, ආණ්‌ඩුකාරවරු, මහ ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක්‌ද සහභාගි වීමට නියමිතය.

මෙවර මිහිකත හෝරාව සැමරුමේ උත්සවයට ලෝකවාසී බිලියන 2.5 ක ජනතාවක්‌ සහභාගි වෙතැයි අපේක්‍ෂා කෙරේ.

එසේම මෙරට මෙම අවස්‌ථාවට එක පළාතකින් දසදහසක ජනතාවක්‌ මේ සඳහා ලියාපදිංචි වුවහොත් එම ප්‍රදේශයේ සෞන්දර්යාත්මක ප්‍රසංගයක්‌ නොමිලේ පැවැත්වීමට භාතිය - සන්තුෂ් ගායක දෙපළ තීරණය කර ඇත.

මිහිකත හෝරාව සැමරීමේ උත්සවයේ තානාපති වශයෙන් භාතිය සන්තුෂ් ගායක ශිල්පීහු කටයුතු කරති.


http://www.divaina.com/2012/03/29/news07.html

No comments:

Post a Comment