Thursday, March 29, 2012

ගලිගමුවේ වැව් 5ක් පිළිසකර කරයි

අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ වැව් පහක් පිළිසකර කර තිබේ.

“නියඟයේ බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය” නමින් හැඳන්වෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වුන මුදල රුපියල් 5372257 කි.

මෙම වැව් ආශ්‍රිත කුඹුරු වලට ජලය බෙදා හැරීමේ ඇළ මාර්ගද ඉදිකර ඇති අතර ඕනෑම නියඟයකට මුහුණ දිය හැකි පරිදි ජලය බෙදා හැරීම සිදු කෙරේ.

2009 – 2011 කාල පරාසය තුළ ක්‍රියාත්මක කරන ලද මේ ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නැංවිණි.


http://www.dinamina.lk/2012/03/29/_art.asp?fn=r1203293

No comments:

Post a Comment