Thursday, March 29, 2012

ඛනිජ තෙල් අතිකාල වෙනුවෙන් වසරකට වියදම කෝටි 100 යි

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සහ සී.පී.එල්.ටී.එල්. සමාගමෙහි අතිවිශාල අතිරික්‌ත සේවක පිරිසක්‌ සිටියද අතිකාල වෙනුවෙන් පමණක්‌ වසරකට රුපියල් කෝටි සියයකට අධික මුදලක්‌ වැය වන බව විගණන වාර්තා සඳහන් කරයි.

ඛනිජ තෙල් කර්මාන්ත ක්‌ෂේත්‍රයේ බරපතළ ආර්ථික අවුලක්‌ නිර්මාණය වී ඇති මේ මොහොතේ අනවශ්‍ය ලෙස අතිකාල මුදල් නවතාලන්නේ නම් වසරකට වැය වන රුපියල් කෝටි සියය කෝටි පනහ දක්‌වා අඩු කළ හැකි යෑයි මුදල් අංශයේ සේවකයෝ "දිවයින"ට පැවැසූහ.

ඛනිජ තෙල් සංස්‌ථාවේ සහ ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි (සී.පී.එස්‌.ටී.එල්) හි සේවකයින් 5,200 ක්‌ පමණ පිරිසක්‌ සේවය කරන අතර ඒ ඒ ආණ්‌ඩු පක්‌ෂ බලයට පත්වන විට ආණ්‌ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජනය කරන සේවකයන්ට මෙලෙස අතිවිශාල අතිකාල ගෙවන බවද මුදල් අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ප්‍රධානියකුට මසකට පැය සියයක අතිකාල ගෙවන ලෙසට පිරිස්‌ පාලන අංශය ලිතව මුදල් අංශයෙන් ඉල්ලා ඇත.

ඇතැමුන් මාසික වැටුපට සමානව අතිකාල මුදල් ලබා ගන්නා බවද සඳහන් වේ.

http://www.divaina.com/2012/03/29/news05.html

No comments:

Post a Comment