Friday, March 23, 2012

ටෙලි නාට්‍යවල ගුණාත්මක භාවය නැංවීමට පනතක්‌

රනිල් ධර්මසේන

විද්යුත් නාලිකාවල ප්‍රචාරය වන ටෙලි නාට්‍යවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා ප්‍රසාංගික කලා පනතක්‌ ඉදිරිපත් කිරීමට ඇමැති මණ්‌ඩලය පෙරේදා (21 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.

විකාශය වන නාට්‍යය කලාත්මක අතින් උසස්‌ තත්ත්වයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුක්‌තව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම පනත මගින් සිදු කෙරේ.

ටෙලි නාට්‍ය සංසදයේ එකඟත්වය මත ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රසාංගික කලා පනත යටතේ රූපවාහිනි නාලිකාවලට අමතරව ගුවන් විදුලි නාලිකාවල ටෙලි නාට්‍යයද ආවරණය කරනු ඇත.

සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක හා වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඒකාබද්ධව යෝජනාවක්‌ ලෙස මෙය ඉදිරිපත් කර ඇත.


http://www.divaina.com/2012/03/23/news07.html

No comments:

Post a Comment