Tuesday, March 27, 2012

අනවසරයෙන් ගත් නළ ජලයට නගර සභාවට ලක්‌ෂ 8 ක බිලක්‌

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

කළුතර නගර ශාලාව ඇතුළු ගොඩනැඟිලි කීපයකට නිSති විරෝධී ලෙස ජලසම්පත් මණ්‌ඩලයට අයත් ජල නළ වලින් වතුර සැපයීම වෙනුවෙන් ජල සම්පත් මණ්‌ඩලයට රුපියල් ලක්‌ෂ (8) අටක මුදලක්‌ කළුතර නගර සභාවෙන් අයකර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 23 වැනිදා සිට ජලසම්පත් මණ්‌ඩලයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම වංචාව සොයා ගත් අතර වසර කීපයක්‌ තිස්‌සේ මේ වංචාව සිදුකර ඇතැයි ජලසම්පත් මණ්‌ඩලය පවසයි. කළුතර නගර සභාව විසින් වංචනික ලෙස ජලය ලබා ගැනීම ගැන කරුණු පැහැදිලි කළ කළුතර නගර සභාවේ එම්. එච්. එම්. ජවුපර් මහතා අනවසරයෙන් ජලය ගැනීම ගැන දැන නොසිටි බව කීය.

මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීමට තමන් තීරණය කළ බවද ඒ මහතා කීය.

මෙම ජල නළ මාර්ගය නීති විරෝධී මාර්ගයක්‌ද යන්න පිළිබඳව පරීක්‌ෂණ ආරම්භ කරන බවද ඒ මහතා කීය.


http://www.divaina.com/2012/03/27/provin01.html

No comments:

Post a Comment