Monday, March 26, 2012

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරම්භ කළ මාතර - කොළඹ ප්‍රථම බස්‌ රථය ධාවනය තාවකාලිකව නවත්වයි

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

ප්‍රථම වරට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතරින් ගමන් ආරම්භ කොට ගාල්ලේ සිට කොළඹ දක්‌වා ධාවනය කළ ලංගමට අයත් බස්‌ රථය 23 දා ප්‍රථම වරට ගමන් ආරම්භ කළත් පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ විරෝධතාවයක්‌ හේතුවෙන් බස්‌ රථය ධාවනය කිරීම තාවකාලිකව නවතා දමනු ලැබ ඇත.

මේ අනුව මාර්තු 24 දා දින සිට බස්‌ රථය ධාවනය කිරීම තාවකාලිකව නතර කළ බවට මාතර ඩිපෝ කළමනාකාර ලසන්ත සංජීව මහතා පවසයි. පෞද්ගලික බස්‌ රථ හිමියන් මෙම බස්‌ රථය ධාවනය කිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කොට ඇති අතර ඔවුන් වැඩ වර්ජනයක්‌ද කිරීමට සූදානම් වී තිබිණි. පසුව කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ ලෙස තාවකාලිකව එම බස්‌ රථය ධාවනය කිරීම නතර කිරීමට තීරණය කර ඇත
.

http://www.divaina.com/2012/03/26/news12.html

No comments:

Post a Comment