ඩග්ලස් නානායක්‌කාර - නුවරඑළිය
ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට කූට අන්දමින් නුවරඑළියේ සමෘද්ධි ලාභීන්ගෙන් රුපියල් ලක්‍ෂ අනූ අටක් වංචා සහගතව ලබාගත් සමෘද්ධි නිලධාරීන් පහළොස් දෙනකු සමෘද්ධි සංවර්ධන අධිකාරිය මගින් වහා සේවයෙන් පහකොට ඇත.
නුවරඑළිය සමෘද්ධි සංවර්ධන බැංකුවෙන් මෙම මුදල් ලබාගෙන ඇති අතර මෙය සිදු වී ඇත්තේ 2005 වසරට පෙරදීය.
මෙම අයථා මුදල් සොරකම පිළිබඳව අනාවරණය වීමෙන් පසුව 2006 දෙසැම්බර් මස 18 දින සිට මොවුන්ගේ සේවය තහනම් කර සමෘද්ධි සංවර්ධන අධිකාරිය මගින් මේ දක්‌වා පරීක්‍ෂණ පවත්වා ඇත.
සේවයෙන් පහ කළ සමෘද්ධි නිලධාරීන් වංචා සහගතව ලබා ගත් ලක්‍ෂ අනූ අටක මුදල නැවත අයකර ගැනීමටත් එසේ නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවටත් ඔවුන්ට දැනුම් දී ඇත.
නුවරඑළිය දිස්‌ත්‍රික් ලේකම් ඩී. පී. ඒ. කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ කල් පසු වූ ණය අයකර ගැනීම සඳහා ණය ලාභී සමෘද්ධි ලාභීන්ට දැනුම් දීමේදී, ඔවුන් එවැනි ණය මුදල් ලබාගෙන නොමැති බව දැනුම් දීමෙන් පසුව මෙම වංචාවේ සුල මුල හෙළි වූ බවයි.
මියගිය පුද්ගලයන්ගේ නම් වලට පවා ණය ලබාගෙන තිබූ බව දිස්‌ත්‍රික් ලේකම්වරයා පවසයි.
http://www.divaina.com/2012/03/29/provin01.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment