Wednesday, March 21, 2012

ඉහළ කොත්මලේ ජලවිදුලිය ජාතික විදුලි බල පද්ධතියට

නුවරඑළිය මධ්‍යම එරික් තිලකරත්න

ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතියේ විදුලිය උත්පාදනය මේ මස අවසන් සතිය තුළ ජාතික විදුලිය බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ෂවින්දානාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙහි විදුලිය උත්පාදනය කිරීමේ සියලු පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ පවතින බව සඳහන් කරන ෂවින්දානාත් ප්‍රනාන්දු මහතා, ඒ යටතේ කොත්මලේ නියංගන්දර පිහිටි භූගත ජල විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මේ දිනවල පිරික්සුමට ලක් කර ඇති බව ද කියයි.

මෙහිදී ප්‍රථමයෙන් එක් ටර්බයින් යන්ත්‍රයකින් උත්පාදනය කරන මෙගා වොට් 75 ක විදුලි බලය ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත.

ඉහළ කොත්මලේ ඔය ජල විදුලි ව්‍යාපෘතිය යටතේ මෙගවොට් 150 ක විදුලිය බල ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙනු ඇත. මේ සඳහා තලවාකැලේ නගරය ආශ්‍රිත සීමාව තුළ ඉදිකර ඇති, ඉහළ කොත්මලේ ඔය ජලාශය මේ වන විට මුහුදු මට්ටමේ සිට මීටර් 1791 දක්වා වූ සීමාව පසු කරමින් ජලයෙන් පිරී පවතින බව ද මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ෂවින්දානාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.


http://www.dinamina.lk/2012/03/21/_art.asp?fn=n1203218

No comments:

Post a Comment