Thursday, March 22, 2012

ලෝක ජල දිනය අද

අදට යෙදෙන ලෝක ජල දිනය නිමිත්තෙනි


ඔබ නිවසේ ඇති ජල නළය විවෘත කළ විට එයින් එළියට එන්නේ කුමක්‌දැයි කියා මොහොතකටවත් මෙනෙහි නොකරයි. එහෙත් අපගේ ජලයේ ප්‍රමාණය සහ ප්‍රමිතිය එතරම් තහවුරු කර නැත. ශ්‍රී ලංකාවේ බිම් ප්‍රමාණයෙන් සියයට 70 ක්‌ පමණ අධි වියළි ප්‍රදේශයට අයත් වන අතර එහි වෙසෙන ප්‍රජාවන් ශත වර්ෂ ගණනාවක්‌ තිස්‌සේම ප්‍රමාණවත් ජල සැපයුමක්‌ ලබා ගැනීමට සටන් කර තිබේ. ඔවුන්ගේ මුතුන් මිත්තන් තැනූ වැව් ශ්‍රී ලාංකිකයන්ට හොඳ සේවයක්‌ සලසා ඇති නමුදු අලුතින් ඇතිවී තිබෙන බලපෑම් හේතුකොට ගෙන වර්තමාන සැලසුම තිරසාර වීම උගහටය. ආර්ථික සංවර්ධනය දිවයිනේ ජල සැපයුම ගොදුරු කරගනු ඇත. කාලගුණ විපර්යාස වර්ෂා රටා වෙනස්‌ කොට වැඩියෙන් ජල ගැලීම් සහ නියඟයන් ගෙන එනු ඇත. ශ්‍රී ලංකාවේ ස්‌වභාවික උරුමයන් විශේෂයෙන්ම තෙත් බිම් සහ කැලෑ අවක්‍රමණය කර ජලය ගලා යන පිළිවෙළ වෙනස්‌ කරනු ඇත.

ලෝක ජල දිනය සැමරීම සඳහා ජල සුරක්‍ෂිත අනාගතයක්‌ ගොඩනැගීම සඳහා සැලසුම් කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගනිමු. විශ්වය පුරාම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ සහ තාක්‍ෂණික ඥනය තිබේ. ක්‍රියා කිරීමට කාලය දැන් පැමිණ ඇත.

දේශගුණික විපර්යාසය


දේශගුණික විපර්යාස අපගේ ජල සැලසුම් වලට කුමන අන්දමකින් බලපාවී දැයි අනාවැකි කිව නොහැක. අප සතු හොඳම ආකෘතිවලට අනුව සීමාන්තික කාලගුණ සිදුවීම් ඇතිවිය හැක. එය කෙටි එහෙත් වඩාත් තියුණු මෝසම් සුළං විය හැකිය. ජල ගැලීම් සහ නියඟයන් වඩාත් පොදුවේ ඇතිවිය හැක. වර්ෂා ජල ටැංකි සහ කුඩා වැව් වැඩියෙන් පාවිච්චි කර අපගේ ජල ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කිරීම තුළින් අපට එයට සාර්ථකව මුහුණ දිය හැක.

සේදීම සඳහා ජලය


පිරිසිදු ජලය හොඳ සෞඛ්‍යයට සහ සනීපාරක්‍ෂාවට අත්‍යවශ්‍ය වේ. එහෙත් රටේ සමහර ප්‍රදේශවල ජලය දූෂණය (විෂ එකතු වීමේ) බිහිසුණු සලකුණු තිබේ. උදාහරණයකට මෙන් මෑතදී යාපන අර්ධද්වීපයේ ළිං පිළිබඳව කළ සමීක්‍ෂණයකට අනුව 1980 ගණන්වල මැද භාගයේ සිට ඒවායේ ඇති නයිට්‌රේට්‌ මට්‌ටම සියයට 400 ඉක්‌මවා ගොස්‌ තිබේ. ජල ප්‍රමිතිය සඳහා බුද්ධි ගෝචර ආයෝජන තුළින් මෙකී ප්‍රවණතාවය ආපසු හැරවිය හැක.

බ්‍රැන්ඩික්‌ස්‌ සහ IWMI සහයෝගිතාව

http://www.divaina.com/2012/03/22/news19.html

No comments:

Post a Comment