Thursday, March 29, 2012

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 16 ක්‌ කරාපිටියේ හිඟයි

ඒමන්ති මාරඹේ

ජීවිතාරක්‍ෂක බෙහෙත් ද්‍රව්‍යයක්‌ වන සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 16 ක්‌ පමණ මෙම දිනවල කරාපිටිය ශික්‍ෂණ රෝහලෙහි හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

හිඟව පවතින මෙම බෙහෙත් වර්ග අතර දියවැඩියා රෝගය සඳහා ලබාදෙන ''මෙට්‌ෆොමීන්'' අධිරුධිර පීඩනය සඳහා ලබාදෙන ''ඇටිනලෝල්'' කොලෙස්‌ටරෝල් සඳහා දෙන ''ඇටෝවැස්‌ටටින්'' යන බෙහෙත් වර්ග ද වන බව එම ආරංචි මාර්ග පවසයි.

සේලයින් ඇතුළු හිඟව පවතින අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පැමිණෙන ලෙස වෛද්‍යවරුන් රෝගීන්ට නිර්දේශ කරන අතර ඇතැම් අවස්‌ථාවලදී සමහර පෞද්ගලික ඔසුසල්වලද එම බෙහෙත් හිඟවන බව කරාපිටිය රෝහලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ විමසීම සඳහා වෛද්‍ය සැපයුම් අංශ බලධාරීන් දුරකථනයට සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.


http://www.divaina.com/2012/03/29/news06.html

No comments:

Post a Comment