Wednesday, March 28, 2012

වියළි කාලගුණය නිසා ජල සැපයුමට බාධා එල්ලවෙලා

ජලය අරපිරිමැස්‌මෙන් පාවිච්චි කරන්න
- ජල සම්පාදන මණ්‌ඩලය ජනතාවගෙන් ඉල්ලයි


සිරිමන්ත රත්නසේකර

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සැපයුමට යම් බාධාවක්‌ සිදුව ඇති බැවින් ජලය අරපිරිමැස්‌මෙන් භාවිත කරන්නැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරයි.

අත්‍යවශ්‍යම කාර්යයන් සඳහා පමණක්‌ ජලය අරපිරිමැස්‌මෙන් භාවිත කර පවතින අහිතකර කාලගුණික තත්ත්වයට මුහුණදීම සඳහා තම දායකත්වය ලබාදෙන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා ඉල්ලීමක්‌ කරයි.

මෙම තත්ත්වයට මුහුණදීම සඳහා මෙහෙයුම් කටයුතුවල වෙනස්‌කම් කිහිපයක්‌ පසුගිය දින කිහිපය තුළ සිදුකළ බවද කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා "දිවයින" ට පැවසීය.

මේ වන විට ජල සැපයුම අඛණ්‌ඩව සැපයීමට බාධාවක්‌ නැති බවත් සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

http://www.divaina.com/2012/03/28/news26.html

No comments:

Post a Comment