Wednesday, March 28, 2012

දියර කිරි නිෂ්පාදනය නැංවීමට ඔස්‌ටේ්‍රලියාවෙන් කිරි දෙනුන් 500 ක්‌

අද ශ්‍රී ලංකාවට ගෙන එයි

ලසිත දුමින්ද

දේශීය දියර කිරි නිෂ්පාදනය නඟාසිටුවීම සඳහා ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කළ කිරි දෙනුන් පන්සියයක්‌ අද (28 වැනිදා) මෙරටට රැගෙන ඒමට නියමිතය.

උසස්‌ ආරයේ මෙම කිරි දෙනුන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයට අයත් බෝපත්තලාව ගොවිපළ වෙත රැගෙන යැමට නියමිත බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. ඔස්‌ටේ්‍රලියාවේ සිට ආනයනය කළ මෙම කිරි දෙනුන් නැව් මගින් අද පස්‌වරුවේ කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිතය.

එම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය ඇමැති එච්. ආර්. මිත්‍රපාල යන මහත්වරු ද සහභාගි වෙති.


http://www.divaina.com/2012/03/28/news14.html

No comments:

Post a Comment