Saturday, March 31, 2012

රජය වී මෙටි්‍රක්‌ ටොන් 5538 ක්‌ මිලදී ගනී

රනිල් ධර්මසේන

රජය මේ වනවිට වී මෙටි්‍රක්‌ ටොන් 5538 ක්‌ මිලදී ගෙන ඇති බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මිලදී ගත් එම ප්‍රමාණය මෙවර කන්නයේ අස්‌වැන්නෙන් සියයට 05 ක පමණ ප්‍රමාණයක්‌ බවද හෙතෙම කීය. ලංකාවේ වැඩිම වී අස්‌වැන්න ලැබී ඇත්තේ මෙම කන්නයේදී බවත් මේ වනවිට මධ්‍යස්‌ථාන 80 කදී හා ජංගම මධ්‍යස්‌ථාන 15 කදී වී මිලදී ගැනීම් සිදුකරන බවත් ඇමැතිවරයා කියා සිටියේය. අනුරාධපුර ගබඩා 25 ක්‌ද පොළොන්නරුව 12 ක්‌ද අම්පාර ගබඩා 9 ක්‌ද පිහිටුවා තිබේ.


http://www.divaina.com/2012/03/31/news12.html

No comments:

Post a Comment