Thursday, March 29, 2012

Lightning claims three lives (2 items)

අකුණු සරින් අමිතිරිගල නිවසක සිටි තිදෙනෙක් මරුට
අමිතිරිගල පල්ලෙකණුගල ගම්මානයේ නිවසකට ඊයේ (28) සවස අකුණු සර වැදීමෙන් මවක්, පුතෙක් සහ එම පවු‍ලේ ඥාති කාන්තාවක් එම ස්ථානයේම මියගොස් ඇත.

ශ්‍රියානි රාජපක්ෂ (44) නමැති මවත්, චානක ඉසුරු රණසිංහ (12) නමැති පුතාත්, සුමේධා රාජපක්ෂ (33) නමැති මවගේ සහෝදරියත් එසේ මරණයට පත්ව තිබේ.මේ තිදෙනා මුළුතැන්ගෙයි සිට ඇති බවත් අකුණු සර වැදී ඇත්තේ කුස්සියට බවත් සීතාවක ‍පොලිස් කොට්ඨාස භාර ‍පොලිස් ප්‍රධානී ‍පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා කීය. අකුණු සර එල්ලවන විට එම නිවසේ ගෘහ මූලිකයා තවත් දරුවෙකු සමග කාමරයේ ඇඳක් මත සිට ඇති අතර ඔවුන්ට එම අකුණු සැරින් හානියක් වී නැතැයිද අතුල වීරසිංහ මහතා කීය.

මුළු පළාතම දෙදරවමින් එම අකුණු පහර වැදී ඇති බවත් ඒ සමගම හමාගිය සුළඟකින් ප්‍රදේශයේ නිවාස 10කට පමණ හානි සිදුව තිබෙන බවත් ආරංචිමාර්ග අනාවරණය කළේය.

ගස් කඩාවැටීමෙන් මාර්ග අවහිර වී ඇති අතර විදුලි සැපයුමටද බාධා ඇතිවී ඇතැයිද දැනගන්නට ඇත.

අකුණු සරින් මිය ගිය තිදෙනාගේ සිරුරු අවිස්සාවේල්ල රෝහල් මෘත ශරීරාගාරයට ඊයේ රැගෙනවිත් තිබිණි.

මියගිය ඥාති කාන්තාව සිය දෙහැවිරිදි දරුවා සමග නුවරඑළියේ සිට සිය සහෝදරිය මුණ ගැසීමට පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කළේය.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2626:2012-03-28-18-55-05&catid=82:us-politics&Itemid=457


Lightning claims three of same family

Yasaratne GAMAGE

Three persons of the same family died when lightning struck them at Amithirigala in Awissawella yesterday evening amidst inclement weather conditions. The incident occurred around 4 pm during heavy rain when a woman and her 12 year son and the woman's sister were in the kitchen at their home. The dead have been identified as M K D P Rajapaksa, R M C I Ranasinghe and M K S Prasanthika.

The three bodies are kept in Awissawella hospital morgue for the post mortem to conducted today. Awissawella police are investigating.

http://www.dailynews.lk/2012/03/29/news12.asp

No comments:

Post a Comment