Saturday, March 24, 2012

අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට දඩ හා සිරදඬුවම්

* පානදුර මහේස්ත්‍රාත් විවෘත අධිකරණයේදී කියයි
* කල් ඉකුත්වූ ආහාර අලෙවි කළ හතරකට දඩ


පානදුර සමූහ කපිල සෝමරත්න

කල් ඉකුත්වූ අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍ය සහ සිසිල් බීම වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවලට වරදකරුවන් වන වෙළෙන්දන්ට දඩ සමඟ සිරදඬුවම් නියම කරන බව පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විවෘත අධිකරණයේදී පැවැසීය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේ කල් ඉකුත් වූ කල්කිරි මහජනයාට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් හතරදෙනකුට රුපියල් දහදාහ බැගින් දඩ නියම කරමිනි.

නිෂ්පාදන දිනය නොමැතිව සීනි අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙක්ට රුපියල් පන්දාහක දඩයක් ද, කල් ඉකුත් වූ ආලේපන අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් පන්දහසක දඩයක් ද නියම කෙළේය. ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දින මේ සැකකරුවන් සහ සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිටය් කළුතර ශාඛාවේ නිලධාරීන් විසිනි.


http://www.dinamina.lk/2012/03/24/_art.asp?fn=r1203245

No comments:

Post a Comment