Wednesday, March 21, 2012

මත්තුමගල කුඩහපිටිය ඇළ මාර්ගයේ ජලජ ශාක පිරිලා

ජාඇළ මධ්‍යම ලෙස්ලි පෙරේරා

මත්තුමගල අධිවේගි මාර්ගයට සමීපව පිහිටි හැමිල්ටන් ඇළට සම්බන්ධ වන කුඩහපිටිය ඇළ මාර්ගය වල්බිහිවී ඇත.

දියහබරල ගාලකින් වැසී ඇති මෙම ඇළ මාර්ගය එදා දිය නෑම හා මිරිදිය මසුන් ඇල්ලීමට භාවිතා කළ අතර අද ඇළ මාර්ගය සම්පූර්ණයෙන් දිය හබරල වලින් වැසී ඇති නිසා ඇළ මාර්ගය ප්‍රයෝජනයට ගත නොහැකි බැව් ප්‍රදේශවාසීහු පවසති.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ඇළ මාර්ගය ජලජ පැළෑටිවලින් වැසී ඇති නිසා ජලය බැස යෑමේ තර්ජනයක්ද පවතින අතර ජනතා ප්‍රයෝජනය සඳහා මෙම ඇළ මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමට බලධාරීන් අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.



වල්බිහිවී ඇති ඇළ මාර්ගය
ඡායාරූපය – ජාඇළ මධ්‍යම

No comments:

Post a Comment