ඉඩම් සංවර්ධන ඇමැති ජනක තෙන්නකෝන්
ප්‍රියදර්ශන ලියනගේ
දේශපාලන ගෝල බාලයන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන සිටින රජයේ ඉඩම් නැවත රජයට අත්පත්කර ගැනීම සඳහා රට පුරා දිස්ත්‍රික් මට්ටමින් කඩිනම් වැඩසටහනක් රජය ආරම්භ කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (21දා) "දිවයින"ට පැවැසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා වානිජ අතින් ඉහළ වටිනාකමක් ඇති රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන තිබෙනවා.
මේ නිසා රජයේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය ඉඩම් සොයා ගැනීමත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. එම නිසා දිස්ත්‍රික් මට්ටමින් රජයේ නිලධාරීන් කැඳවලා නව වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරලා බලහත්කාරයෙන් සහ හොර ඔප්පු සකස්කොට අත්පත් කරගෙන තිබෙන රජයේ ඉඩම් පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වැඩ ආරම්භ කර තිබෙනවා.
අපි මෙම වැඩසටහන ආරම්භ කළේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් එහිදී අපිට නීති විරෝධි ලෙස අත්පත් කරගෙන සිටින රජයේ ඉඩම් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවුණා. අපි දැන් එම ඉඩම් රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ආරම්භ කර තිබෙනවා. අපි කිසිම දේශපාලන බලපෑමකට යට වෙන්නේ නැහැ. දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2012/03/22/news16.html
No comments:
Post a Comment