''එක ඩොක්‌ටර් කෙනෙක් ළ`ගට ගියා, වැඩක් නැහැ.. මේ.. එක බෙහෙතයි දුන්නේ.. තාම බබා ගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක් දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා..''
''බබාට උණ වගේ ඩොක්‌ටර්, බෙහෙත් මොනව හරි දෙන්න.. බලෙන් හරි පොවා ගන්නම්...''
මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කරගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් දැකිය හැකි ය. අප විදේශිකයකුට ඖෂධයක් නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක් ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක් ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක් ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි.
ඖෂධ භාවිතය සම්බන්ධ ව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත් ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක් හේතුවකි. රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝගකාරකයන් පාලනයට හෝ මර්දනයට හෝ ඖෂධ යොදාගත හැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වා ම ඖෂධ නැති ව ම බැරි සංයෝගයක් වී ඇත. දරුවකු මවුකුස පිළිsසිඳ ගැනීමටත් පෙර සිට ම මව ඖෂධ ලබාගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේ දී ද ඖෂධ ලබාදීම සිදු කරයි.
Read full story: http://www.vidusara.com/2012/03/21/feature5.html
No comments:
Post a Comment