Saturday, March 31, 2012

දුර්ලභ බස්සකුට විදුලි සර වැදිලා

විදුලි සැර වැදී තුවාල ලබා සිටි දුර්ලබ ඝනයේ බස්සෙකු අනුරාධපුර මාර්කට් පෙදෙසින් හමුවී ඇත. ඊයේ (30) උදෑසන නුවර වැවට පිවිසෙන මාර්ගයේ විදුලි ට්‍රාන්ස්පෝමරයක් අසල වැටී සිටියදී හමු වී ඇත.

මේ පක්ෂියාගේ විශේෂත්වය වන්නේ ශරීරය සුදු පැහැයෙන් යුක්ත වීමයි. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුහැයෙන් යුක්තය. ශරීරයද ලා දුඹුරු පැහැය හා සුදු පැහැයෙන් යුක්තය.

විදුලි සැර වැදි සිටියදී බේරා ගත් මේ අමුත්තා දැක බලා ගැනීමට විශාල පිරිසක් ද එක්ව සිටියහ. දුර්ලභ ඝනයේ පක්ෂියා පිළිබඳව ජයන්ත මහතා අනුරාධපුර පිහිටි වන ජීවි කාර්යාලයට දන්වා තිබුණි.


ඡායාරූපය – අනුරාධපුර මධ්‍යම විශේෂ

http://www.dinamina.lk/2012/03/31/_art.asp?fn=n1203317

No comments:

Post a Comment