ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ
ගම්පහ මධ්‍යම සමූහ – ඔලිවර් පෙරේරා
ගම්පහ මහ නගර සභාව මගින් 2012 වසර සඳහා නියම කර තිබූ වාර්ෂික වරිපනම් බදු මුදල ඉතා වැඩි බවට ගම්පහ ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධතාවයක් පසුගියදා ඉදිරිපත් විය.
මෙම වරිපනම් බදු මුදල වැඩි කිරීමට යෝජනා කර තිබුණේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් බව පුරපති එරංග සේනානායක මහතා නාගරික මන්ත්‍රීවරුන්ව ද දැනුවත් කර තිබුණි.
පසුව නාගරික මන්ත්‍රී සියලු දෙනාගේ ද, ජනතාවගේ ඉල්ලීම මත ද මෙම සිද්ධිය ගැන පරීක්‍ෂා කළ ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරු කැඳවා මෙම වැඩි කළ වරිපනම් බදු මුදල 50% අඩු කරන ලෙස නාගරික කොමසාරිස් ඇතුළු පුරපතිවරයාගෙන් ද ඉල්ලා සිටියේය.
ඒ අනුව 2012 – 3 – 16 දින ගම්පහ මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡා රැස්වීමකදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම වරිපනම් බදු වැඩි කළ මුදල 50% අඩු කරන ලෙසට නියෝග කළේය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාවේ මාධ්‍යවේදීන්ට ද ඇරයුම් කොට තිබුණි.
http://www.dinamina.lk/2012/03/22/_art.asp?fn=r1203221
No comments:
Post a Comment