Thursday, March 22, 2012

Minor employees’ strike in hospitals (3 items)

Minor employees’ strike forces govt to deploy army in hospitals
By Don Asoka Wijewardena

Minor employees in all hospitals yesterday went on sick leave crippling OPDs, wards and cleaning activities. They launched the sick note campaign to deploy army personnel to attend to patients, the Joint Trade Union Committee said.

All Ceylon Health Services Union (ACHSU) General Secretary Gamini Kumarasinghe said that if the Health Ministry did not take tangible action to solve several problems in the Health Sector, the ACHSU had no alternative but to launch a country-wide strike to win the demands of the union. The final decision would be taken soon.

The ACHSU had held many discussions with the Health Minister and Secretary to the Ministry Dr. Ravindra Ruberu. The claims of the union had fallen on deaf ears. The ACHSU was constrained to take stronger trade union action against the government’s inability to address issues of several unions, he told a Media Conference held at ACHSU head office in Colombo.

Kumarasinghe said that nine demands such as an enhanced uniform allowance, making casual employees’ permanent, introducing a constitution for the junior staff and some other demands were put forward to the Health Minister. Although time had passed no action to resolve the issues had been taken so far.

He claimed that a major health crisis had arisen as a result of the government’s inaction to address issues affecting the health sector.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=48036


රෝහල් සේවයට වාර්තා නොකළ සියලුම ස්ථිර නොකළ සේවකයන් සේවය හැරගිය බව සලකයි

රෝහල් සේවය සඳහා ඊයේ (21) වාර්තා නොකළ සියලුම ආදේශ සහකාර සේවකයන්, ස්ථීර නොකළ සේවකයන් වහාම ක්‍රියාත්මන වන පරිදි සේවය හැරගිය බවට සැලකීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනියම් සහකාර සේවකයන් ඊයේ උදෑසන සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මේ අනුව දිවයින පුරා රෝහල්වල සේවය සඳහා පටි සියලුම කනිෂ්ඨ සහකාර සේවකයින් සංකේත වැඩවර්ජනයක නිරත වූහ.එසේ නිරත වූ අනියම් සහකාර සේවකයින් සම්බන්ධයෙන් නාම ‍ලේඛනයක් දින 2ක් තුළදී එවන ලෙස සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා ඇත.

මෙසේ ඉවත්කරන ලද අනියම් සහකරුවන් වෙනුවට නව සේවකයින් බඳවා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඔවුන් විසින් ආරම්භ කරන ලද මෙම වැඩවර්ජනය අසාර්ථක වූ එකක් බවත්, රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2425:2012-03-20-20-16-25&catid=82:us-politics&Itemid=457


සේවයට නො ආ කනිෂ්ඨ සේවකයන් සේවය හැර ගියා සේ සලකනවා
- සෞඛ්‍ය අමාත්‍යාංශය
එසේ කළොත් අද සිට අඛණ්ඩ වර්ජනයක් - සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය
- සන්ධ්‍යා කරුණාරත්න


සේවයට වාර්තා නොකළ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සියලුදෙනා ඊයේ (21) දහවල් 12 සිට සේවය හැර ගියා සේ සලකන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ආදේශක සෞඛ්‍ය සහායක ලෙස සේවය කරන සුළු සේවකයන් මේ සඳහා අයත් වන බවත් සේවය හැර ගියා සේ සලකන සේවකයන් වෙනුවට අලුතින් සේවකයන් අද (22) සිට බඳවා ගන්නා බවත් අමාත්‍යාංශය දැනුම් දෙයි. රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව සාකච්ඡා පවත්වා එකඟවීමෙන් පසුවත් මෙසේ වර්ජනයට එක්වීම සාධාරණ නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ සේවකයන්ට නිල ඇඳුම් ලබාදෙමින් ඒවා මසා ගැනීමට දුන් රුපියල් 500 වෙනුවට නිල ඇඳුම් දීමනාව රුපියල් 8000 ක්ද, රුපියල් 100 ක් වූ අනතුරු දීමනාව රුපියල් 150 දක්වා වැඩි කිරීමත් ඇතුළු දීමනා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබේ.

සෞඛ්‍ය සේවාවේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් ඊයේ (21) දිනයේදි අසනීප නිවාඩු දමමින් සිදු කළ එක්දින වැඩ වර්ජනය සාර්ථකව සිදු කළ බවත් සේවයට වාර්තා නොකළ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සේවය හැර ගියා සේ සැලකීම සිදු කළොත් අද (22) සිට අඛණ්ඩවම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ ජාතික සංවිධායක ඊ.ඩී. වික්‍රමසිංහ මහතා පවසයි.

මීට සති දෙක තුනකට පමණ පෙර මේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවට අවස්ථාවක් කිසිදු වේලාවක ලබානොදුන්නේ යැයි ද ඔවුහු චෝදනා කරති.

තම කමිටුවට කිසිම සාකච්ඡා අවස්ථාවක් ලබානොදී වර්ජනය සිදුකිරීමට ආසන්න අවස්ථාවේදි මෙසේ ඉල්ලීම් ලබාදීම පිළිගත නොහැකි බව ද ඒ මහතා කීය.


http://www.dinamina.lk/2012/03/22/_art.asp?fn=n1203226

No comments:

Post a Comment