Tuesday, April 17, 2012

ඉදිරි ඉදිකිරීම් භූ කම්පනයන්ට ඔරොත්තු දිය යුතුයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

ගයාත්‍රි ගීගනආරචිචි

ඉදිරියේ මෙරට ගොඩනැගිලි ඉදිකිරීමේදී භූකම්පනවල දෙදරීමට ඔරොත්තු දෙන ලෙස ඒවා ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.
ලොව ඕනෑම තැනක ඕනෑම වෙලාවක භූ කම්පන විය හැකි බැවින් ශ්‍රී ලංකාවටද එම අවදානමෙන් මිදිය නොහැකි යැයිද එම ආයතනය පවසයි.
එබැවින් ගොඩනැගිලි ඉදිකිරීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගත යුතු බවත්, ජපානය වැනි රටවල එවැනි තාක්ෂණික ක්‍රමවේද දැනටමත් ක්‍රියාත්මක බවත්, එහි නායයෑම් අංශ ප්‍රධානී ආර්. එම්. එස්. බණ්ඩාර මහතා පැවසීය.
මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නායයෑම් සහිත ප්‍රදේශවල ඉදිකිරීම්වලදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම ආයතනය මේ වන විටත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3041:yyend&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment