Tuesday, April 17, 2012

Crocodile released to Yala (2 items)

නිල්වලාවේ කිඹුලා දෙහිවලට භාර නොගනී - යාලට මුදාහරී

නෝමන් පළිහවඩන

මාතර නිල්වලා ගඟෙන් අල්ලා ගත් කිඹුලා දෙහිවල සතුන් වත්තට භාරදීමට ගිය මොහොතේ එම කිඹුලා භාර ගැනීම ප්‍රතික්‌ෂේප කිරීම නිසා කිඹුලා යාල අභය භූමියට මුදාහැරීමට කටයුතු කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂක රත්නායක මහතා දිවයිනට පැවසීය. නිල්වලා ගඟේ කිඹුලන් අල්ලන මෙහෙයුම් තවදුරටත් කරගෙන යන බවද වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
http://www.divaina.com/2012/04/17/news03.html


දෙහිවලට භාර නොගත්තේ කිඹුලා දරුණු නිසායි
- සත්තු වත්තේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා


නෝමන් පලිහවඩන

නිල්වලා ගඟෙන් වනජීවී නිලධාරීන් අල්ලාගනු ලැබූ කිඹුලා දෙහිවල සත්තුවත්තට බාර නොගත්තේ එම කිඹුලා දරුණු නිසා යෑයි දෙහිවල සතුන්වත්තේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දම්මිකා මල්සිංහ මහත්මිය "දිවයින"ට කීවාය.

මෙම කිඹුලා සත්තුවත්තේ කූඩුවේ සිටින අනික්‌ ගැට කිඹුලන් සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉඩ තිබෙන බව පැවසූ මල්සිංහ මහත්මිය නිල්වලා ගඟෙන් අල්ලාගත් කිඹුලා සත්තුවත්තට අවශ්‍ය නොවන නිසා ප්‍රතික්‍ෂේප කළ බවද කීවාය.


http://www.divaina.com/2012/04/17/news17.html

No comments:

Post a Comment