Wednesday, April 4, 2012

Earth Hour saving!

මිහිකත හෝරාවට ඉහළ ජනතා ප්‍රතිචාර මෙගාවොට් 130ක විදුලිය ඉතිරියක්

මිහිකත හෝරාව සැමරුම වෙනුවෙන් 31වෙනිදින පැයක් විදුලිය පරිභෝජනයෙන් ඉවත්ව සිටින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් කරන ලද ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාර අනුව මෙගාවොට් 130ක විදුලියක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව විදුලිබල හා බලශක්ති අමාතා්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මහජනතාවගේ උනන්දුව හා කැපවීම මත අනවශ්‍ය විදුලි පරිභෝජනය වළක්වා ගතහැකි අතර ඉන් රටටත් ජනතාවටත් ආර්ථික වාසි ලැබෙනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලෝකයේ පවතින පොසිල ඉන්ධන ශීඝ්‍රයෙන් අඩුවීයාමේ හේතුව මත දෛනිකව පරිභෝජනය කෙරෙන ඉන්ධන වල ලෝක මිළ ගණන් ඉහළ ගොස් තිබීම, පරිභෝජන ධාරිතාව වැඩිවීම හේතු කොටගෙන පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වැඩිවීම නිසා පරිසර අර්බුදයක්ද ඇතිවෙමින් තිබේ.

මේ අභියෝගයන්ට මුහුණදීම සඳහා පවතින බලශක්ති කාර්යක්ෂමව හා මනා කළමනාකරණයකින් යුතුව භාවිතා කිරීමයි. මිහිකත හෝරා සැමරුමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ සිට සියලු විදුලි බුබුළු නිවා දමා කොප්පරා හා පන්දම් එළි ආලෝකයෙන් යුතුව රටටම ආදර්ශයක් දී ඇති බව අමාත්‍යාංශය කරුණු දක්වයි.

සවස 6.30 සිට රාත්‍රී 9.30 දක්වා වැඩිවිදුලි පරිභෝජනය නිසා අධික මිළ සහිත තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී ඉන්ධන ආශ්‍රයෙන් නිපදවන එක් විදුලි ඒකකයකට රු.40 සිට රු: 65 අතර අගයන් ගන්නා බැවින් මිහිකත හෝරාව සැමරුම වෙනුවෙන් ලං.වී.ම. පද්ධති පාලන මධ්‍යස්ථාන ලබාදී ඇති දත්ත අනුව මෙගාවොට් 130ක විදුලියක් ඉතිරිකර ගත හැකිවී තිබේ.


http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=n12040413

No comments:

Post a Comment