Wednesday, November 9, 2011

වැසි නිසා සිදු වූ හානි (2 items)

ප්‍රදේශ රැසක තද වැසි, සුළං හා පස්‌ කඳු කඩා වැටීම්

තිදෙනකුට බරපතළ තුවාල, නිවාස 34 කට දැඩි හානි

තූෂාරී කළුබෝවිල, බී ජී විමලවංශ, තිලකසිරි දැල බණ්‌ඩාර

දිවයිනේ ප්‍රදේශ රැසකට පෙරේදා (06 වැනිදා) රාත්‍රියේ සහ ඊයේ (7 වැනිදා) අලුයම් කාලයේ ඇති වූ තද වැසි, සුළං හා පස්‌ කඳු කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර නිවාස 34 කට හානි සිදුවී තිබේ.

රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ඇතිවූ තද සුළඟක්‌ හේතුවෙන් නිවාස 3 ක්‌ මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 30 කට බරපතළ හානි සිදුවී ඇත. මේ නිසා පුද්ගලයෝ 100 දෙනෙක්‌ අවතැන් වී සිටිති.

නිවාස මතට ගස්‌ කඩාවැටීම්, වහල ගැලවී යාම් ආදියත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන්ගෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කුරුවිට රෝහලට ඇතුළත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා "දිවයින" ට පැවසීය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් නිවසක්‌ මතට බහිරව කන්දේ කොටසක්‌ කඩා වැටීමෙන් නිවසේ සිටි කාන්තාවක්‌ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයට පෙරේදා (7 දා) මිලිමීටර් 99.9 ක වැඩිම වර්ෂාපතනයක්‌ ලැබී තිබෙන අතර මේ හේතුවෙන් ගාල්ල මධ්‍යම බස්‌ නැවතුම්පළ ඇතුළු මාර්ග රැසක්‌ ජලයෙන් යටවී තිබේ.

ගාල්ල නගර මධ්‍යයේ පෙරේදා (07 දා) රාත්‍රියේ අඩි 3 ක්‌ පමණ වැසි ජලය රැඳී තිබුණු බව කොඩිප්පිලි මහතා කීවේය. ඒ අතර ගාල්ල ප්‍රදේශයේ තාප්පයක්‌ කඩාවැටීමෙන් එක්‌ අයකු තුවාල ලබා තිබිණි. රත්නපුර, කෑගල්ල හා මහනුවර දිස්‌ත්‍රික්‌කවලට අයත් ප්‍රධාන මාර්ග රැසක දෙපස ස්‌ථාන ගණනාවක සුළු සුළු වශයෙන් පස්‌කණ්‌ඩි කඩාවැටීම් දක්‌නට ලැබුණ අතර එම පස්‌ වැසි ජලය සමග ඇළ, දොළ, ජලාශවලට එකතුවීමෙන් ඇළ, වේලි රැසක ජලය මඩ මුසු බොර පැහැයක්‌ ගෙන ඇති බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ දිනවල ඇළ, දොළ, ගංගා ජලාශවල දිය නෑම අවදානම් බවද ඒ මහතා අවධාරණය කළේය.


Related - http://www.divaina.com/2011/11/09/provin01.html


බහිරව කන්දේ පෙදෙසක් නාය ගිහින්: කතක් රෝහලේ
අසේල කුරුළුවංශ

අධික වර්ෂාවත් සමග මහනුවර බහිරව කන්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. පෙරේදා (07) පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියෙන් තවත් කාන්තාවක් සුළු තුවාල ලැබ ඇත. අධික වර්ෂා තත්ත්වයත් සමග නාය යෑමේ අවදානමක් ඇතිව තිබෙන බැවින් බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


http://www.dinamina.lk/2011/11/09/_art.asp?fn=n11110914

No comments:

Post a Comment