- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගිය නිසා මිස ඛනිජ තෙල් සංස්‌ථාවේ අකාර්යක්‍ෂමතාවය නිසා රජය ඉන්ධන මිල ඉහළ දැම්මේ නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල ඉහළ දැමුවත් ඩීසල් ලීටරයකින් රුපියල් 18 ක්‌ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 31 ක්‌ද, දැවි තෙල් ලීටරයකින් රුපියල් 45 ක්‌ද, රජය පාඩු ලබන බව ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ වැඩ බලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග මහතා කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. ඉන්ධන මිල ඉහළ දැම්මේ හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව නිසාවත්, බාල පෙට්‍රල්වලින් සිදුවූ පාඩුව නිසාවත්, තෙල් නළ කාන්දුවලින් වූ පාඩුව නිසාවත් නොවේ යෑයි කී සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ලන්ඩන් වාණිජ මහාධිකරණය ඩොලර් මිලියන 166 ක් ඉල්ලා පවරා ඇති නඩුවේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයිද කීය. සිංගප්පූරුවේ සිටි බැංකුව ඩොලර් මිලියන 196 ක් ඉල්ලා පවරා ඇති නඩුවේ තීන්දුව තෙල් සංස්‌ථාවට වාසිදායක ලෙස ලැබී ඇතැයි කී ඇමැතිවරයා ඩොයිෂ් බැංකුව ඩොලර් මිලියන 60 ක් ඉල්ලා බේරුම්කාර මණ්‌ඩලයේ පවරා ඇති නඩුවේ තීන්දුව මෙතෙක් ලැබී නැතැයිද කීය.
පසුගියදා ගෙන්වූ පෙට්‍රල් වලින් වාහනවලට වූ හානිය සම්බන්ධයෙන් සිද්ධීන් 380 කට වන්දි ගෙවමින් තිබෙන බව කී ඇමැතිවරයා සති දෙකකින් එම කටයුතු අවසන් කරන බවද කීය.
අවුරුදු හතළිහක් පැරණි නළ පද්ධතිය වෙනුවට අලුතින් නළ එළීමට ටෙන්ඩර් කැඳවා ආරම්භ කරන බවද කී ඇමැතිවරයා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඩොලර් 80 කින් අඩුවී ඇති බවට ජෝන් අමරතුංග මහතා කරන ප්‍රකාශය වැරදි බවද කීය.
Courtesy- http://www.divaina.com/2011/11/09/news23.html
No comments:
Post a Comment