කිරිඳිවැල - සෝමපාල නැලිගම
ජනතාවගේ දැඩි විරෝධය නොතකා පාලකයන්ගේ කැමැත්තෙන් කිරිඳිවැල නගරය ආසන්නයට ගෙනැවිත් ඇති දැවැන්ත කසළවලට විරෝධය දැක්‌වීමක් ඉකුත්දා සිදු කෙරුණි. "දොම්පෙ සුරකිමු" සංවිධානය මගින් මීට පෙරද මේ සඳහා විරෝධය දැක්‌වූ අතර ඒ සමඟම පැමිණි මැතිවරණ සමග දේශපාලන අධිකාරිය ප්‍රකාශ කළේ කිසිවිටකත් මේ කසල ව්‍යාපෘතියට ඉඩ නොදෙන බවයි. එහෙත් දැන් මැතිවරණ සියල්ල අවසන් බැවින් නැවත මෙම ව්‍යාපාරය කරලියට පැමිණ ඇති බව එම සංවිධානයේ සභාපති ඩබ්ලිව්. ඒ. ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාරිණී පරිසරවේදී අජන්තා පෙරේරා මහත්මිය මෙවැනි පරිසර හානි තුළින් මෙතරම් විශාල ජනාකීර්ණ ප්‍රදේශයකට අත් විඳින්නට සිදුවන විනාශකාරී තත්ත්වය පැහැදිලි කර දුන්නාය.
අවට පාසල්වල දස දහසකට කිට්‌ටු පාසල් සිසුන් සිටින බවත් ඔවුන්ට වන හානිය අවම කරන්නේ කෙසේද යන්න ඒ මහත්මිය විසින් පෙන්වා දෙන ලදී.
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් නියසැල්ල ශ්‍රී ශේලතලාරාමාධිපති පූජ්‍ය විජයරාජපුර විජිතනන්ද හිමි, අනුරාගොඩ ශ්‍රී මුනින්දාරාමාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය ඇකිරියන්කුඹුරේ ශීලරතන හිමි, නීතිඥ ගුණතිලක අලගියවන්න මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව යන මහත්වරුද ඊට එක්‌වූහ.
සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. ඒ සුමනසිරි මහතා ස්‌තුති කතාව සිදු කළේය.
http://www.divaina.com/2011/11/10/provin03.html
No comments:
Post a Comment