Thursday, November 10, 2011

වලපනේ නාය යැමේ අවදානමක්‌

රාගල - එස්‌. එම්. ආරච්චිගේ සහ වලපනේ - අරුණ ඩයස්‌

මෝසම් වැසි ආරම්භවීමත් සමගම වලපනේ ප්‍රදේශයේ නායයැමේ තත්ත්වයක්‌ ඇතිවී තිබේ.

පසුගියදා නිල්ද ණ්‌ඩාහින්න තෙරිපැහැ මහාමාර්ගයේ අඹන්ඇල්ල ආසන්නයේ උඩමංකඩ පීල්ල අසල ඇති වූ නායයැමකින් එම ස්‌ථානයේ මාර්ගය මීටර් පහක්‌ පමණ දුරට ගල්පස්‌ වැටී යටවී වාහන ධාවනය ද ඇනහිට තිබිණි.

මෙම නාය යැමෙන් ජීවිත හෝ දේපළ කිසිවකට කිසිදු හානියක්‌ සිදුව නැති බව තෙරිපැහැ පොලිසියේ නිලධාරියකු ''දිවයින'' ට පැවසීය.

මේ අතර වලපනේ තැන් තැන්වල කුඩා කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් පිළිබඳ වාර්තාවෙමින් පවතින අතර වලපනේ ග්‍රාම නිලධාරීන්, පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටී.


http://www.divaina.com/2011/11/10/provin04.html

No comments:

Post a Comment