සීගිරිය විශේෂ දඹුල්ල ප්‍රදීප් ගුණවර්ධන
කැකිරාව නගරය කැළඹූ ගල්ගමුවේ ඇතා නමින් හඳුන්වන අන්ධ ඇතාගේ ශරීරයේ ඇති තුවාල හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වනජීවී පශු වෛද්‍යවරු ඊයේ (01) පස්වරුවේ පැවසූහ. මෙම ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සිටින පශු වෛද්‍යවරුන් හයදෙනාගෙන් සිව්දෙනෙක්ම ඇතා සිටින කලාවැව ඉස්මත්තට පැමිණ ප්‍රතිකාර කටයුතු කරති.
ඇතාගේ සිරුර පුරා ඇති තුවාල පැසවීම හේතුවෙන් ආහාර ගැනීම සහ ජලය ගැනීම පවා නවතා ඇතැයි වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය. වෛද්‍යවරුන් වන වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද්, පශු වෛද්‍යවරුන් වන ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති, චන්දන ජයසිංහ, විජිත පෙරේරා යන මහත්වරුන් ඇතුළු වනජීවී නිලධාරීහු 32ක් මෙම ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටිති.
දැඩි වර්ෂා මැද්දේ මෙම පිරිස ඇතාට වට්ටක්කා, පැණිකොමඩු හා අඹ රැගෙන ගොස් ඒවාට ප්‍රතිජීවක ඖෂධ එන්නත්කර ඇතාට ආහාර පිණිස ලබාදෙන අයුරු දැක ගැනීමට හැකිවිය. තුවාලවලින් දැනෙන දැඩි වේදනාව නිසා ඇතා දරුණුවී සිටියි. ඇතාගේ තත්ත්වය පිළිබඳව තවදුරටත් විමසිල්ලෙන් සිටින බව වෛද්‍යවරු කියති.
http://www.dinamina.lk/2011/11/02/_art.asp?fn=n11110210
No comments:
Post a Comment