Saturday, November 5, 2011

රාජ්‍ය විවිධ නීතිගත සංස්‌ථාවේ දූෂණ වංචා හා අයථා ක්‍රියා නිසා කෝටි ගණනක පාඩුවක්‌

සමන් ගමගේ

පාරිභෝගික හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය විවිධ නීතිගත සංස්‌ථාව මහින්ද චින්තන වැඩපිළිවෙළට මුවාවෙමින් දීර්ඝ කාලයක සිට සිදුව තිබෙන දූෂණ, වංචා හා අයථා ක්‍රියා රැසක්‌ හේතුවෙන් මේ වන විට රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි සියය ඉක්‌මවා ඇතැයි එහි අභ්‍යන්තර වාර්තා මගින් තහවුරු වේ.

මෙම තත්ත්වය හමුවේ මේ වන විට සේවක වැටුප් පවා ගෙවාගත නොහැකි තත්ත්වයක්‌ සංස්‌ථාව තුළ උද්ගතව ඇතැයි පෙන්වා දෙන එම සේවක පිරිස්‌ පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් එය සඟවාගෙන ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අදාළ බලධාරීන් එක්‌කර පෞද්ගලික මූල්‍ය සමාගමකින් අධික පොලියක්‌ යටතේ රුපියල් මිලියන 340 ක ණයක්‌ ලබාගැනීමට සූදානම් වන බව ද සඳහන් කරති.

ආයතනයට පරිගණක ලබාගැනීමට යෑයි සඳහන් කරමින් අදාළ ණය මුදල ලබාගැනීමට යන අතර මේ වන විට ඊට අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය හිමිව තිබේ.

රට පුරා සහල් හිඟයක්‌ මතු වූ ඉකුත් ජනාධිපතිවරණ සමයේ හා කිරිපිටි හිඟයක්‌ මතුවූ කාල වකවානුවේ රජයේ තීරණ අනුව සහල් සහ කිරිපිටි ආනයනයට මැදිහත් වෙමින් අදාළ පිරිස්‌ මේ වංචනික ක්‍රියා අතරින් දැවැන්තම මූල්‍ය වංචාව සිදුකර ඇත.

එහිදී රජයේ තීරණ අනුව රටේ ජනතාවගේ පහසුව සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට ගෙන ආ කිරිපිටි හා සහල් තොග ගබඩා තුළ සඟවා තත්ත්වය බාල කර අඩු මිල ගණන් යටතේ නැවත අලෙවි කිරීමේ ක්‍රියාදාමයක්‌ ද සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය විවිධ නීතිගත සංස්‌ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සියල්ල ප්‍රතික්‍ෂේප කළ හෙතෙම අදාළ සියල්ල සිදුව ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති හා මහා භාණ්‌ඩාගාර අනුමැතිය අනුව බව සඳහන් කළේය.

එසේම ආයතනයේ කිසිදු මූල්‍ය අර්බුදයක්‌ නොමැති බව ද කියා සිටි සභාපතිවරයා ඉකුත් වසරේ පමණක්‌ සංස්‌ථාවේ ශුද්ධ ආදායම මිලියන 56 ක්‌ වන බව ද පැවැසී
ය.

http://www.divaina.com/2011/11/05/news27.html

No comments:

Post a Comment