Wednesday, November 9, 2011

නිෂ්පාදිත දින වෙනස් කර ප්‍රවාහනය කළ ආහාර තොගයක් හසුවෙයි

සන්ධ්‍යා කරුණාරත්න

නිෂ්පාදිත දිනයට පෙර දිනයක් සඳහන් කරමින් පාන් ඇතුළු ක්ෂණික ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් කටයුතු කර තිබේ. රුපියල් 50,000 ක් පමණ වටිනා මේ ආහාර තොගය කොළඹ සිට ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රධාන සමාගමක සේවකයන්ගේ ආහාරය සඳහා ලබාදීමට ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

ත්‍රිකුණාමලය උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මඟින් මේ ආහාර තොගය අත්අඩංගුවට ගෙන ඇත. පාන් ඇතුළු ක්ෂණික ආහාර තොගයක් මෙසේ නුසුදුසු තත්ත්වයෙන් ප්‍රවාහනය කිරීමත්, වැරැදි ලෙස ලේබල් කිරීමත් යනාදි කරුණු මත මේ ආහාර තොගයට නඩු ඉදිරිපත් කළ බව ඒ මහතා සඳහන් කළේය. මේ ආහාර ලේබල් කළ දිනයට පෙර දිනයක නිෂ්පාදනය කර තිබුණත් නිෂ්පාදනය කළ දිනය වැරැදි ලෙස ලේබල් කර තිබූ බවද ඒ මහතා පැවැසීය.

මේ ආහාර භාවිතයට ගැනීමෙන් පාචනය හෝ ආහාර විෂ වීම වැනි ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබූ බව ද හෙතෙම කීය.


http://www.dinamina.lk/2011/11/09/_art.asp?fn=n11110917

No comments:

Post a Comment