මහින්ද අලුත්ගෙදර
මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන (රුපියල් කෝටි 11000) ඉක්මවා යනු ඇතැයි රජය පවසයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආදායම සියයට 30කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති දිවි නැඟුම වැඩසටහනේ මෙහෙයුම් කමිටු සාකච්ඡාවට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මේ දක්වා කාලය තුළදී ලක්ෂ 8කට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන අතර එය වසර අවසන් වන විට 850000ක් වනු ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර එය සියයට 33.1ක වර්ධනයකි. ලබන 2016 වන විට සංචාරකයන් ලක්ෂ 25 ක් ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා හෝටල් කාමර 40000ක් ඉදි කිරීමට පියවර ගෙන තිබෙන බවත් එම අමාත්‍යාංශය කියයි.
ලබන 2016 වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හරහා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ 5ක් උදාවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, මේ වර්ෂයේ දී ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, හා යුරෝපා රටවලින් සංචාරක පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
ගෙවතු වගා වැඩසටහන පුළුල් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා 2012 නව වසරේදී “දිවි නැඟුම” වැඩසටහන යටතේ පියවර ගන්නා බව සඳහන් කළ ඇමැතිවරයා අක්කර දෙක හමාරක් දක්වාවූ ඉඩම්වල එළවළු, පලතුරු, මල් ඇතුළු වගාවන් ආරම්භ කොට මේ වැඩසටහන ක්‍රියාවට නංවන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවන්ගෙන් මේ වැඩසටහන සඳහා යෝජනා රැසක් අන්තර්ගත බවද ඇමතිවරයා මෙහිදී සිහිපත් කළේය.
2011 වසරේ පවුල් 2103000ක් දිවි නැඟුම වැඩසටහනට සම්බන්ධවූ බවත් එය 2012 වසරේදී ගෘහ ඒකක ලක්ෂ 25 දක්වා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා එම ඉලක්කය කරා ළඟාවිය හැකි බවද පැවසීය.
අපේ රටේ වගා කළහැකි ද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වා ගැනීම සඳහා විශාල මුදලක් වැයකර තිබෙන බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වියලි මිරිස් ආනයනය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් වැයකර තිබෙන බව සිහිපත් කළේය. මේ මුදල මෙරට ගොවි ජනතාවට ලබාදීම සඳහා දිවි නැඟුම වැඩසටහන යටතේ කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ වෙනුවෙන් දිවි නැඟුමට සම්බන්ධ කෘෂි, ගොවිජන සේවා, සුළු අපනයන භෝග වැනි අංශවල යෝජනා අවශ්‍ය බවද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න, ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්.එම් චන්ද්‍රසේන, දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක, කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිය
http://www.dinamina.lk/2011/12/22/_art.asp?fn=n1112226
No comments:
Post a Comment