පුත්තලම සමූහ – ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු
පන්නල මාකඳුරේ සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කටු ඉවත් කළ කුකුළුමස්, සොසේජස් සහ සොසේජස් නිෂ්පාදනයට යොදා ගන්නා සෝයා පිටි කිලෝ 2,92,295ක තොගයක් අධිකරණ නියෝගයක් මත වළලා දමන ලදී.
රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමක් ඇති මෙම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගය ඉකුත් 15 දා මෙසේ වළ දැමුවේ කුලියාපිටිය දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ නියමය පරිදි ආණමඩුවේ ආඬිගම තෝරාගත් ස්ථානයක දී ය.
මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සොසේජස්වලින් සියයට 80 ක් විදේශ වෙළඳ පොළට නිකුත් කෙරේ. සියයට 20 ක ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට නිකුත් කෙරේ.
කල් ඉකුත්වීම නිසා ආහාරයට නුසුදුසු සොසේජස් හා කුකුළු මස් තොගයක් මෙහි තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරි කණ්ඩායමක් හදිසි වැටලීමක් සිදුකළහ.
එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ සොසේජස් නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන කටු ඉවත් කළ කුකුළු මස් කිලෝ 1,87,750 ක්, හා සෝයා පිටි කිලෝ 32982 කුත්, සොසේජස් කිලෝ 71563 කුත් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පරිසරයට හානියක් නොවන ස්්ථානයක දී මේවා විනාශ කර දමන ලෙසට කුලියාපිටිය දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබිණි. ඒ අනුව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ ආණමඩුවේ ආඬිගම තෝරා ගනු ලැබූ ස්ථානයක දී මෙම මනුෂ්‍ය ආහාරයට නුසුදුසු ආහාර තොගය මෙසේ විනාශ කර දමන ලදී.
කුලියාපිටිය දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර් එල්. කේ. කේ. ලංකාගේ, වයඹ පළාත් පරිසර නිලධාරී මහේන්ද්‍ර ඤාණතිලක, පන්නල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. එන්. පී. ප්‍රනාන්දු සහ ;ජ්‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එන්. ජේ. පැට්ට්‍රික්, පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නාලක රාජපක්‍ෂ, මාකඳුර සෞඛ්‍ය පරීක්‍ෂක සුමිත් එදිරිසිංහ, බෝපිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. ප්‍රේමචන්ද්‍ර යන නිලධාරීහු මෙම කල් ඉකුත් වූ සොසේජස්, කුකුළු මස් සහ සෝයා පිටි විනාශ කර වළ දැමීමේ අවස්ථාව නිරීක්‍ෂණයට සහභාගි වූහ.
http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=n1112207

No comments:
Post a Comment