රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ විරෝධය ද නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ලබන වසර සඳහා සැත්කම් ග්ලවුස් හා පර්යේෂණ කටයුතු සඳහා ගන්නා ග්ලවුස් මිල දී ගැනීමේදී අයථා ගනුදෙනුවක් සිදු වී ඇතැයි වාර්තා වේ.
මෙම අයථා ගනුදෙනුව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් ලක්‍ෂ 850 ක පාඩුවක් සිදු වී ඇතැයිද මෙසේ මිල දී ගැනීමට යන ග්ලවුස් ප්‍රමිතියෙන් තොර ඒවා බව ද සඳහන් වේ.
කාර්මික හා තාක්‌ෂණ ආයතනයේ සහතිකය එම ග්ලවුස්‌වලට නොලැබීම නිසා ගනුදෙනුව ප්‍රතික්‍ෂේප වී ඇතත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීම මත අදාළ ග්ලවුස් සාම්පල යළි වෙනත් වෛද්‍ය කණ්‌ඩායමක් හරහා අනුමත කර ගෙන තිබේ යෑයි ආරංචි මාර්ග පවසයි.
http://www.divaina.com/2011/12/20/news19.html
No comments:
Post a Comment