ශිරාන් රණසිංහ
ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ප්‍රධාන කාර්යාලයේ වාහන ගරාජය වසා දැමූ තෙල් සංස්‌ථා ප්‍රධානියකු ඔහුට අයත් බව කියන වත්තල පිහිටි ගරාජයකට වාහන ගෙන ගොස් රුපියල් ලක්‍ෂ ගණන් වැයකොට ඒවා අලුත්වැඩියා කිරීමට පටන්ගෙන ඇතැයි සංස්‌ථා සේවකයෝ පවසති.
එලෙස අලුත්වැඩියා කළ වාහනද ධාවනය කළ නොහැකිව ඇතැයිද මොවුන් පවසති.
මේ වන විට එලෙස රැගෙන ගිය වාහන දහයක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වැය කළද ඒ වාහන ධාවනය කිරීමට නොහැකිව ඇතැයිද ඔවුහූ කියති. ලංකා ඛනිජ තෙල් සංස්‌ථා ප්‍රධාන කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරීම සඳහා සිටි සේවකයන් දෙදෙනකුද වෙනත් අංශයකට යොමු කර ඇතැයි ඔවුහු කියති.
අතිකාල දීමනා ගෙවීමට නොහැකි බව කියමින් තෙල් සංස්‌ථා ගරාජය වසා දැමූ ප්‍රධානීහු රුපියල් ලක්‍ෂ ගණනින් පෞද්ගලික අංශයට දී වාහන අලුත්වැඩියා කිරීම පිළිබඳව සොයා බලන ලෙසද සේවකයෝ ඉල්ලා සිටිති.
http://www.divaina.com/2011/12/19/news15.html
No comments:
Post a Comment