බණ්ඩාරගම බිමල් එස්. ජයසිංහ
සුළු මුදලක් ලබාදී දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට බස් රථ වලින් ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට බස් රථ යෙදවීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (19) මහා මාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂ (මෙයෙයුම්) බී. ඩී. කේ. බණ්ඩාර මහතා පැවසීය.
ජාතික ප්‍රවාහන කොමිසන් සභාව හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වන මෙම සාකච්ඡාව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අධිවේගී මාර්ගයට ප්‍රවේශ වන බස් රථයකින් දිනකට කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් දෙදහක් වැනි මුදලක් අය කර ගැනීමට මෙන්ම බස් රථයේ ගමන් කරන මගියාගේ ආරක්ෂාව සඳහා බස් රථය හොඳ තත්ත්වයේ මෙන්ම සියලු මගීන්ට ආසන පටි පැළැඳගෙන යාමට එම බස් රථයේ තිබීම විශේෂත්වයකි.
මම බස් සේවාව මෙම මස අවසන් වීමට පෙර ආරම්භ කිරීමට හැකියාව ඇති බව බංඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
http://www.dinamina.lk/2011/12/19/_art.asp?fn=n1112193
No comments:
Post a Comment