Tuesday, December 20, 2011

පරිභෝජනයට නුසුදුසු කසළ තේ ප්‍රවාහනය කළ දෙදෙනකු දැලේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සෝමචන්ද්‍ර යකන්දාවල

වත්තල, මඩවලපිටිය, වෑවින්න ප්‍රදේශයේදී ලොරි රථයකින් පරිභෝජනයට නුසුදුසු කසළ තේ බෑග් 226 ක්‌ අඩංගු තේ කිලෝ ග්‍රෑම් 2450 ක්‌ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බලකාය අඹකොටේ කඳවුරේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පෙරේදා (18 වැනිදා) සවස සමත් විය.

කසළ තේ ප්‍රවාහනය කළ ලොරි රථයද එම බළකාය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හා 49 යන වයස්‌වල පසුවන්නන් බවද එම බළකාය කියයි.

මස්‌කෙළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස්‌ අධිකාරි එම්. පී. ජී. එස්‌. රත්තෙපිටිය මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ විශේෂ කාර්ය බළකාය අඹකොටේ කඳවුරේ උප පොලිස්‌ පරීක්‍ෂක නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගි වූහ.


http://www.divaina.com/2011/12/20/news20.html

No comments:

Post a Comment