වැලිගම - රන්ජන් ජයවර්ධන
ගාල්ල - මාතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා අඩි 20 ක පමණ දිගැති විශාල යකඩ බාල්කයක් සොරකම්කොට අත්ට්‍රැක්‌ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකරුවන් තිදෙනකු වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම යකඩ බාල්කය සහිත අත්ට්‍රැක්‌ටරයක ගමන් ගත් පුද්ගලයන් කනංකේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැලිගම පොලිස් ස්‌ථානාධිපති මහේෂ් මෙලන් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත පො. සැ. (57776) උපාලි, පො. සැ. (14370), කිත්සිරි, පො. කො. (59770), සේපාල යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවති.
http://www.divaina.com/2011/12/20/provin03.html
No comments:
Post a Comment