අකිත පෙරේරා
කොළඹ මැනිං වෙළෙඳපොළ සහ තොග වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්‌ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මේ අනුව එම වෙළෙඳපොළ සංකීර්ණය පිහිටි ප්‍රදේශය ආවරණය වන පරිදි පිටකොටුව බස් නැවතුම්පොළ පුළුල් කර එහි පදික වෙළෙඳුන් සඳහා විශේෂ වාණිජ සංකීර්ණයක් ඉදිකිරීමට ද රජය තීරණය කර ඇතැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (22 දා) පැවැසීය.
මේ අතර පිටකොටුවේ පිහිටුවා තිබූ මත්ස්‍ය වෙළෙඳපොළ පිහිටි මධ්‍යම සුපිරි වෙළෙඳ සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්‌කරණය කරන බවත් හෙතෙම කීය.
කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙය ක්‍රියාත්මක කරන අතර කොළඹ කොටුව, බේරේවැව ආශ්‍රිත ප්‍රදේශය සංරක්‌ෂණය කොට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රදේශය පදික වෙළෙඳුන්ට වාණිජ ප්‍රදේශයක් ලෙස ස්‌ථාපිත කිරීමට නියමිත බව ද ඇමැතිවරයා පැවසීය.
මෙම සියලු ව්‍යාපෘති නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන අතර වියදම් අඩු කිරීම සඳහා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට නාවික හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශ වෙත ලබා දෙන බව ද හෙතෙම කීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.
http://www.divaina.com/2011/12/23/news03.html
No comments:
Post a Comment