Wednesday, December 21, 2011

මිනින්දෝරු හිඟයෙන් රජයේ මැනුම් කටයුතු රැසකට සෘජු බාධා

ප්‍රියදර්ශන ලියනගේ

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පවතින මිනින්දෝරු හිඟය හේතුවෙන් රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක මැනුම් කටයුතුවලට සෘජු ලෙසම බාධා එල්ලවී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ මැනුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යැමට නම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මිනින්දොaරුවන් 850 දෙනෙකුවත් අවම වශයෙන් සිටිය යුතුය. නමුත් දැනට සිටින්නේ මිනින්දෝරු නිලධාරීන් පන්සියයකටත් අඩු සංඛ්‍යාවක්‌ පමණි.

මේ පිළිබඳ මැනුම්පති මහේෂ් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම සඳහන් කළේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුළ මිනින්දෝරු නිලධාරීන්ගේ හිඟයක්‌ ඇතත් රජයේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට අදාළ මැනුම් කටයුතු බාධාවකින් තොරව සිදුකරන බවයි.

http://www.divaina.com/2011/12/21/news17.html

No comments:

Post a Comment